Saturday, September 21, 2024

මහින්ද බැඳුම්කර විවාදයටත් නැහැ

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වන කෝප් වාර්තාව පිළිබඳ පැවැත්වුණු ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙනා කල් තැබීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී ඊයේ (24) විවාදයට ගත් අතර ඊට විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූයේ නැත.

මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනයේ පාර්ලිමේන්තුවට හෝ පැමිණ නැති බව වාර්තා වේ.

මුදල් ඇමැති රවි කරුණානායක මහතා විවාදයට එක් වන අවස්ථාවේදී ‘කෝ අද මහින්ද රාජපක්ෂ මහතා’ යැයි විමසා සිටි අවස්ථාවේදී එයට පිළිතුරු දීමට ඒකාබද්ධ විපක්ෂයේ කිසිවකු ඉදිරිපත් නොවීය.

ඒකාබද්ධ විපක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ සන්ධානයේ මන්ත්‍රිවරුන් මහ බැඳුම්කර විවාදයට එක් වෙමින් පාර්ලිමේන්තුවේ කථා කළද පසුගිය රජයේ හිටපු මුදල් ඇමතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතා එයට එක් නොවීම පිළිබඳ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ කථා බහටද ලක්විය.

මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවෙන් පිටතදී විවිධ තැන්වල ආණ්ඩුවට විරුද්ධව විවිධ ප්‍රකාශ සිදු කළද වත්මන් ආණ්ඩුවේ ජනතා ද්‍රෝහී ක්‍රියාවන් හා වංචා දූෂණ සම්බන්ධයෙන් ගෙනා කිසිඳු විවාදයකට හෝ ඊට එරෙහි ඡන්ද විමසීමකට මහින්ද රාජපක්ෂ මහතා මෙතෙක් සහභාගී නොවීම විශේෂත්වයකි. එමෙන්ම වත්මන් පාර්ලිමේන්තුවට මෙතෙක් ගෙනා කිසිදු අයවැය ඡන්ද විමසීමකදීද මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවට විරුද්ධව ඡන්දය ලබාදීමට ඉදිරිපත් නොවීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles