Saturday, September 21, 2024

විමල් වාහන මෙතරම් දුන්නේ දාන පාරමිතාවකටද ? ඇමති රාජිත

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මෙතරම් වාහන සංඛ්‍යාවක් තම ඥාතීන්ට ලබා දුන්නේ දාන පාරමිතාවක් පුරන්නටදැයි සෞඛ්‍ය ,පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රශ්න කරයි.

වාහක 40 කින් 14 පවුලේ අයට ලබා දී තවත් වාහන 05 ක් කුලී රථ සේවාවකට ලබා දී සම්පූර්ණ වශයෙන් වාහන 40 ක් අවභාවිත කළ  ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමට සාධාරණ හේතුවක් නොපෙනෙන බවද ඇමැතිවරයා කියයි.

ඊයේ (25) ප්‍රවාත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළීතුරු දෙමින් ඇමැති රාජිත සේනාරත්න මහතා මේ බැව් සඳහන් කෙළේය.

මෙහිදී ඇමැතිවරයාගෙන් මාධ්‍යවේදීයකු ප්‍රශ්න කර සිටියේ ,විමල් වීරවංශ මහතා පවසා ඇත්තේ තමන් පමණක් නොව මෙවැනි සිද්ධි සදහා නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න සහ හිටපු සභාපති ආශු මාරසිංහ මහත්වරුද අත්අඩංගුවට ගත යුතු බවයි.

ඇමැති රාජිත- ඒ මොකටද නියෝජ්‍ය ඇමැති තමන්ගේ නෑයන්ට වාහන දිලද?ආශු මාරසිංහ කියලද විමල්ගේ ඥාති පරම්පරාවට ,අක්කට අක්කගේ පුතාට ආදි වශයෙන් වාහන දෙන්න කියලා.විමල්ගේ අක්කගේ පුතාට වාහනයක් දෙන්න කියලා හිටපු සභාපති කියලත් නෑ.නියෝජ්‍ය ඇමැති කියලත් නෑ ඉතින් මේ අය අත්අඩංගුවට ගන්නේ ඇයි?විමල් වීරවංශගේ මේ කෙරුවාව ‘බී’ වාර්තාවෙන් හෙළිවෙළා තියෙනවා.අධිකරණයත් එය පිළීගෙන තිබෙනවා.

මාධ්‍යවේදියා- මේ 27 දා නුගේගොඩ රැස්වීමට විමල් එන එක වලක්වන්න මෙසේ ඔහුව සිරගත කර තිබෙනවා යැයි කියනවා?

ඇමැති රාජිත – අපි මොකටද එයාව වලක්වන්නේ.එයා කවුද?

නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන- විමල් වීරවංශ සිරකරුවකු නොවේ .ඔහු සිටින්නේ සැක කරුවකු දෙස රක්ෂිත බන්ධණාගාරයේයි. ඔහු දේශපාලන සිරකරුවෙක් කියා තවත් අය බොරු ප්‍රචාර ගෙන යනවා. මතක තබා ගන්න විමල් වීරවංශ තවම සිරකරුවකු වී නැහැ.

ඇමැති රාජිත- මෙසේ එෆ්.සී.අයි.ඩී.එක එන්න කියලා ප්‍රශ්න කළේ විමල් වීරවංශගෙන් විතරද ? ඇමැති ෆවුසිටත් එන්න කියලා ප්‍රශ්න කළා. එතකොට ඒ ඇමැතිත් කිව්වද මගේ අමාත්‍යංශයේ හිටපු නියෝජ්‍ය ඇමැතිටත් එන්න කියන්න කියලා.මේ වා විහිළු කතා.විමල් වාහන 4න් අවභාවිත කළා නම් අප කියනවා මෙය සිල්ලර වැඩක් කියලා.නමුත් මෙතැන වාහන 40 ක්.වාහන පමණක් නොවෙයි එයා ගොඩනැගිලිදීපු ඒවත් ළඟදීම එළීයට ඒවි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles