Saturday, September 21, 2024

ලංකාදීපයේ අගමැතිට හිතවත් මාධ්‍යවේදීන් දඩයමක ! පළමුව සුජිත් මංගල, දෙවනුව අශෝක, හෙට දිනිත් චින්තක ?

ලංකාදීප පුවත්පත් ආයතනයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් මාධ්‍යවේදීන් දඩයමක නිරත වී ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි. මේ රජය බලයට පත් වීමෙන් අනතුරුව ලංකාදීප පුවත්පත දැඩි ලෙස රාජපක්ෂවරුන්ට පක්ෂග්‍රාහීව කටයුතු කළ අතර මෙම මාධ්‍යවේදී දඩයමද එහි ප්‍රතිඵලයක් වීමට ඉඩ තිබේ. මෙහි ප්‍රථම පියවර ලෙස එක්සත් ජාතික පක්ෂයේ ප්‍රවෘත්ති ආවරණය කරමින් සිටි අගමැතිවරයාට හිතවත් සුජිත් මංගල ද සිල්වා ලංකාදීපයෙන් නෙරපා හැරීමට කටයුතු කළේය. අනතුරුව දැල එලුවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන අශෝක ජයතුංගටය. අශෝක ජයතුංග ඉකුත්දා කාර්යාලයට ගොස් ඇඟිලි සලකුණ තැබීමේදි එය පද්ධතියෙන් ඉවත් කර ඇති අතර අවම තරමින් ලිපියකින් හෝ සේවයෙන් ඉවත් කර ඇති බව දැන්වීමට තරම් ලංකාදීප පාලනාධිකාරිය අමානුෂික වී තිබේ. මෙම මාධ්‍යවේදීන් ඉකුත් රාජපක්ෂ පාලන යුගයේදී භීෂණකාරී පසුබිමක සිට එක්සත් ජාතික පක්ෂ රජයක් ඇති කිරීම පිණිස දිවි හිමියෙන් කටයුතු කළේය. මේ පිළිබඳව ඉහළ දේශපාලන බලවතුන්ගේ අවධානය යොමු වීම වත්මන් ආණ්ඩුවේ සෞඛ්‍යටද හිතකර වනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles