Saturday, September 21, 2024

බෝපගේ යළිත් නෑමක- අගමැතිගෙන් දැඩි අවවාද

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් රංග කලංසූරිය මහතා ඊයේ (26) රාත්‍රියේ සිරස ප්‍රවෘත්තියක් අභියෝගයට ලක් කරමින් නිකුත් කළ නිවේදනය පිළිබඳව පරීක්ෂණයක් කරන බව ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ කළ ප්‍රකාශය වහාම ඉල්ලා අස් කර ගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුට දැනුම් දෙමින් දැඩි ලෙස අවවාද දී ඇති බව අපගේ අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වෙයි. අද වහාම පාර්ලිමේන්තුව වෙත පැමිණෙන්නට යැයි අගමැතිවරයා බෝපගේට පවසා ඇති අතර එහිදි මෙම දැනුම්දීම කර ඇත. ජනාධිපති සහ අගමැතිවරයාගේ උපදෙස් මත හා ජනමාධ්‍ය ඇමතිවරයා දැනුවත් කර අනුමැතියෙන් පසුව අදාළ නිවේදනය ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා නිකුත් කළ බව අප වෙත වාර්තා වන අතර එවැනි පසුබිමක අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් උපදෙස් පැතීම හෝ දැනුවත් කිරීම විහිළු සහගත ක්‍රියාවකි. මෙම නිවේදනය පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස තමන් දැනුවත් නොකළ බවද ඔහු එහිදී පවසා ඇති අතර එය බෝපගේ සම්පූර්ණයෙන්ම වලිගය පගා ගැනීමකි. ඉතිහාසයේ ජනමාධ්‍ය ලේකම්වරු කොතෙකුත් සිටියත් මේ ආකාරයට නා ගත් තවත් ලේකම්වරයෙක් නොමැත. ලේකම් ලෙස පත්වී ඉතා ටික කලකින්ම අවස්ථා ගණනාවක්ම මෙවැනි කුජීත වී යන ආකාරයේ වැඩ කළේය. ඔහු පිළිබඳව පියවරක් ගැනීමට වගකිව යුත්තන්නේ අවධානය යොමු විය යුතුය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles