කන්ටේනර් 8ක්‌ නිදහස්‌ කරන්නැයි මුදල් අමාත්‍යාංශය කළ ඉල්ලීම ගැන රේගුව නීති උපදෙස්‌ පතයි

0
365

මත භේදයට තුඩු දී ඇති පෞද්ගලික ආයතනයක්‌ විසින් ආනයනය කරන ලද මෝටර් රථ අමතර කොටස්‌ සහිත කන්ටේනර් අටක්‌ නිදහස්‌ කරන ලෙසට මුදල් අමාත්‍යාංශය රේගු දෙපාර්තමේන්තුවට උපදෙස්‌ දී ඇත.

වෙහිකල්ස්‌ ලංකා නමැති පෞද්ගලික සමාගමට මෙම මෝටර් රථ අමතර කොටස්‌ සහිත කන්ටේනර් අට අයත්ය.

අධිකරණය විසින් මෙම සමාගමේ මෝටර් රථ අමතර කොටස්‌ ආනයනය කිරීමේ බලපත්‍රය අත්හිටුවා තිබිණි.

මේ සම්බන්ධව රේගු අධ්‍යක්‍ෂ ජනරාල් චූලානන්ද පෙරේරා මහතා සඳහන් කළේ අදාළ කන්ටේනර් බහාලුම් නිදහස්‌ කරන ලෙස මහා භාණ්‌ඩාගාරයේ ලේකම් ආර්. එච්. එස්‌. සමරතුංග මහතා විසින් තමා වෙත ලිපියක්‌ යවා ඇති බවත් ඒ සම්බන්ධව උපදෙස්‌ ලබා ගැනීම සඳහා නීති අංශයට යොමුකර ඇති බවත්ය.

අදාළ කන්ටේනර් බහාලුම් නිදහස්‌ කරන ලෙස ප්‍රවාහනය හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් මීට අදාළ කැබිනට්‌ අනුකමිටුවේදී උපදෙස්‌ ලබා දුන් බවද ඒ අනුව රේගු දෙපාර්තමේන්තුවට අදාළ උපදෙස්‌ ලබා දුන් බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here