හිටපු මහා ඇමති ඇතුළු තිදෙනෙකුගේ දුෂණ හා මූල්‍ය අවභාවිතය අවසන් වාර්ථාව ජනපතිට

0
474

රපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම විසින් විමර්ශන අවසන් කරන ලද වාර්තා 03ක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත බාරදී තිබේ.

බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසම සඳහන් කළේ කොමිසමේ සභාපති ප්‍රීති පද්මන් සූරසේන විසින් අදාළ වාර්තා ජනාධිපතිවරයා වෙත බාරදී ඇති බවයි.

ශ්‍රී ලංකන් කේටරින් ආයතනයේ සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව ඇති දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් වන අවසන් වාර්තාව සහ ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ සිදුව ඇති වංචා දුෂණ පිළිබඳ වාර්තාව ජනාධිපතිවරයා වෙත බාරදී තිබේ.

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත් මහතාගේ දුෂණ හා මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් වන අවසන් වාර්තාව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත බාරදුන් බව කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here