Saturday, September 21, 2024

Japan Expo Sri Lanka ප්‍රදර්ශනය අද සිට

‘Japan Expo Premier Sri Lanka 2017’ වෙළඳ ප්‍රදර්ශනය අද (03දා) සිට 5 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා භූමි‘යේදී පැවැත්වෙයි.

%ජපානය මූලික කරගත් අතිශය දැවැන්ත වෙළඳ ප්‍රදර්ශණයක්කොළඹ දී පැවැත්වෙන මුල්ම අවස්ථාව මෙය බව Japan Expo Sri Lanka ප්‍රදර්ශන කමිටුවේ සභාපති මිචිකෝ ෆුරුසාවා සඳහන් කරයි.

මෙම ප්‍රදර්ශනය, ශ්‍රී ලංකා ජපන් Expo ප්‍රදර්ශන කමිටුව, ශ්‍රී ලංකාවේ ජපන් මහකොමසාරිස් කාර්යාලය සහ ජපානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය,JETRO,JICA,Japan  Foundation සහ ජපාන රතුකුරුස සංවිධානය හා එක්ව සංවිධාන කරනු ලබයි.

මෙම ප්‍රදර්ශනයේ මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාව සහ ජපාන සංස්කෘතික වටිනාකම් හුවමාරු කිරීමත් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර වඩාත් ඔප් නැංමීත්, ඒවා දීප ව්‍යාප්ත කිරීත් ලෙස සඳහන් වෙයි.

මිචිකෝ මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටින්නේ මෙම වෙළඳ ප්‍රදර්ශනය තුළින් ශ්‍රී ලංකාව හා ජපානය අතර පවතින මිත්‍රත්වය සහ සංස්කෘතික වශයෙන් ඇති බැඳීම වඩාත් වර්ධනය කරන අතර, මෙමගින් ජපානයේ ඇති ව්‍යාපාර, සංස්කෘතිය සහ භාණ්ඩ පිළිබඳ පුළුල් දැනුමක් ශ්‍රී ලාංකිකයන් වෙත ලබාදෙන බවත්ය.

මීට දශක තුනකට පමණ පෙර රූපවාහිනියේ තරගත වූ ‘Oshin’ ටෙලි නාට්‍ය මාලාවේ ‘Oshin’ ලෙස ප්‍රධාන චරිතය රඟ දැක්වූ අයකෝ කොබයෂි ද මෙම Expo  ප්‍රදර්ශනයට පැමිණෙන ආරාධිතයන් අතරට විශේෂයෙන් එක්වන බව සඳහන්ය.

ජපානයේ තයිකෝ (Taiko) සහ නර්තන කණ්ඩායමක් වන Talarabune කණ්ඩායම මෙම ප්‍රදර්ශනයේ රඟ දැක්වීමට නියමිතය.

%Oshin% නවීන චිත්‍රපට සංස්කරණය සමග Ankopyan (Little Bean Jim), Samural Hustle, ප්‍රසිද්ධ අධ්‍යක්ෂක %අකිරා කුරොසාවාගේ^ ලෝක ප්‍රකට Seven Samurai (ප්‍රසිද්ධ රංගන ශිල්පි Toshiro Mifune රඟන), Ditective Conan (anime), Mobile Suit Gondam සහ Panda and Friends යන චිත්‍රපට ප්‍රදර්ශනය කරන ඩිජිටල් සිනමා දැක්මක්ද මේ ප්‍රදර්ශනයේදී ඔබට දැකබලාගත හැකි බව සංවිධායකයෝ පවසති.

චිත්‍රපටවල ස්වභාවය සහ වාරණ ශ්‍රේණිගත කිරීම් මත මෙම චිත්‍රපට ප්‍රදර්ශනය කරනු ලබන්නේ ප්‍රධාන සිනමා ශාලාවේද, ළමා සිනමා ශාලාවේද යන බව ඉදිරියේදී ඔබවෙත දැනගත හැකි බවද ඔවුහු පවසති.

තවද B-Staion සහ Shinobu විසින් සජීවී සංගීතයෙන් සහ Accon Hibino ගේ ගායනයෙන් සංගීතවත් කරන, සංගීත අංගයන්ගෙන්ද, නොමිලේ දැනුම ලබාදෙන වැඩමුළුවලින්ද Sado සහ Kodo නමි කරන ලද Café Zone^s වලින්ද මෙම ප්‍රදර්ශනය සමන්විත වන බව සඳහන්ය.

සිනමා, සජීවිකරණ, සංස්කෘතික අංග, ආහාර පාන සමග විනෝදාශ්වාදය යන සියල්ල මෙම ප්‍රදර්ශනය තුළින් ඔබ වෙත ලැබෙනු ඇත.

මෙම ප්‍රදර්ශනය නොමිලේ නැරඹිය හැකි නමුදු මේ සඳහා ප්‍ර‘වේශ පත්‍ර කල් සිට වෙන්කරවා ගත යුතුව තිබේ. ප්‍රදර්ශන භූමිය තුළ රථවාහන ආරක්‍ෂාකාරිව නවතා තැබීම පහසුකම් සලසා ඇති බවද කියයි.

ජපාන Expo ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 2016 වසරේදී පැරිස් නුවර( ප්‍රංශයේ) සාර්ථකව පැවැත්වූ ප්‍රදර්ශනයකින් අනතුරුව බවත්, මේ පිළිබඳ වැඩි විස්තර කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලයෙන් ලබාගත හැකි බවත් සංවිධායකයෝ වැඩිදුරටත් පවසති.

– See more at: http://www.ada.lk/article/210210/Japan-Expo-Sri-Lanka-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA-%E0%B6%85%E0%B6%AF-%E0%B7%83%E0%B7%92%E0%B6%A7#sthash.25dypt7P.dpuf

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles