Saturday, September 21, 2024

විල්පත්තුවේ අක්කර 3400ක් එළිකරලා

මෙරට වන ගහනයෙන් හෙක්ටයාර් 7,000ක ප්‍රමාණයක් වසරකට එළිපෙහෙළි කිරීම් (වන හරණය) සිදුකරන බව සමීක්ෂණ මගින් තහවුරු වී ඇතැයි පාරිසරික එකමුතුව සංවිධානයේ සාමාජික සජීව චාමිකර මහතා පැවසීය.

පසුගිය වසර පහ පුරාවටම මෙම ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාවේ වනාන්තර එළිපෙහෙළි කර ඇති බවත්, දරුණු නියඟයක් ඇතිවීමට මෙම තත්ත්වය ප්‍රධාන හේතුවන් වී ඇති බවද චාමිකර මහතා පැවසුයේ අද  (02දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

මේ වනවිට විල්පත්තු රක්ෂිතයේ අක්කර 3,400කට වැඩි ප්‍රමාණයක් එළිපෙහෙළි කර ඇති අතර, විවිධ පාර්ශ්ව මෙම ක්‍රියාවලිය සාධාරණය කිරීමට උත්සාහ කරන බවද හෙතෙම පැවසීය.

විල්පත්තු රක්ෂිතයේ එළිපෙහෙළි කරන කලාපය තුළ පෙර ජනවාස පැවැති බව පෙන්වීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කළද එම ප්‍රදේශයේ ජනාවාස පැවති බවට මෑත ඉතිහාසය තුළ කිසිදු ආකාරයක සාක්ෂි නොමැති බවත්, සිතියම් තුළින් එය මනාව පැහැදිලි වී ඇති බවත් සංජීව චාමිකර මහතා කියා සිටියේය.

එමෙන්ම තම සංවිධානය කිසිවිටක විල්පත්තු ජාතික වනෝද්‍යානය එළිපෙහෙළි කරන බවට ප්‍රකාශ නොකළ බවත්, විල්පත්තු ජාතිත වනාන්තරයට උතුරින් පිහිටා ඇති මරිච්චික්කඩ්ඩි, කරඩික්කුලි, විලක්තෙයිකුලම්, මාවිල්ලු වේප්පාල් රක්ෂිත තුළ එළිපෙහෙළි කීරීම් හා පදිංචිකිරීම් සිදුවන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles