අධිකරණ තීන්දුව කැඩුවොත් බරපතළ සිරදඬුවම්-ඇමති රාජිත

0
359

 

උසාවියට අපහාස කිරීමේ වරදට එස්‌. බී. දිසානායක මහතාට සිරදඬුවම් විඳීමට සිදු වූ අයුරු සිහිපත් කළ ඇමැතිවරයා සයිටම් වෛද්‍ය පීඨයට එරෙහිව විරෝධය පාන්නේ එක්‌තරා දේශපාලන අරමුණක්‌ ඉටු කර ගැනීමට බවද කීවේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සයිටම් එකට විරුද්ධයි. හැබැයි හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා කොතලාවල ආරක්‌ෂක පීඨයේ ආරම්භ කළ වෛද්‍ය පීඨයට විරුද්ධ නැහැ. එයත් මුදලට අධ්‍යාපනය ලබාදෙන පෞද්ගලික වෛද්‍ය පීඨයක්‌.

2011 වසරේ සයිටම් වෛද්‍ය පීඨය ආරම්භ කරන මොහොතේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊට විරුද්ධ නොවුණේ ඇයි දැයි කියා මා ඔවුන්ගෙන් අහන්න කැමැතියි. එදා හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාට බයේ ඔවුන් විරුද්ධ වුණේ නැහැ. සයිටම් එකෙත් ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ගෝඨාභය රාජපක්‌ෂ මහතා පත් කළා නම් ඔවුන් ඊට විරුද්ධ වන්නේ නැහැ.

රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තිබිය යුතුයි. එය මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවා පිළිගන්නවා.

නිදහස්‌ අධ්‍යාපනය කියන්නේ රජයේ අධ්‍යාපනයට පමණක්‌ සීමා වීම නොවෙයි. ඕනෑම අයකුට රජයේ හෝ පෞද්ගලික හෝ අධ්‍යාපන ආයතනයකින් ඉගෙනුම ලැබීමට පහසුකම් තිබිය යුතුයි. එය ඇහිරීම නිදහස්‌ අධ්‍යාපනය සීමා කිරීමක්‌ ලෙසයි මා දකින්නේ යෑයිද සෞඛ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

ඇමැතිවරයා මේ බැව් පැවසූවේ ඊයේ (02 වැනිදා) සවස විශේෂ මාධ්‍ය ප්‍රකාශයක්‌ කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here