Saturday, September 21, 2024

ඇවන්ගාඩ් කපිතාන් යලි රිමාන්ඩ්

ගිනිඅවි සහ පුපුරණ ද්‍රව්‍ය ළග තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින ඇවන්ගාඩ් නැවේ කපිතාන්වරයා තවදුරටත් මේ මස 17 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ නිශාන්ත පීරිස් අද නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ ඇවන්ගාඩ් නැවේ කපිතාන්වරයාවන ජෙනඩි ගාවෝව් නැමැති යුක්රේන් ජාතිකයාය.

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින මෙම කපිතාන්වරයාගේ ඇස් පෙනීම දුර්වලවි ඇති නිසා අක්ෂි වෛද්‍ය විශේෂඥවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය බවත් යුක්රේනයේ සිටින කපිතාන්වරයාගේ බිරිද සහ දියණිය සමග සම්බන්ධතා පවත්වා ගෙන යෑමට නොහැකිවී ඇති බවත් කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරනය හමුවේ කියා සිටියේය.

මීට අදාල විමර්ශන කටයුතු අවසන්වී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා අධිකරණය හමුවේ කියා සිටියේය.

සුදුසු රෝහලක වෛද්‍යවරයෙකුගෙන් සැකකාර කපිතාන්වරයාට ප්‍රතිකාර ලබා දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා කපිතාන්වරයා පෙබරවාරී මස 17 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරික්ෂක තිළිණ කලුආරච්චි පැමිණිල්ල වෙනුවෙන් පෙනි සිටි අතර නීතිඥ ඒ පී ජී සරත්චන්ද්‍ර නැවේ කපිතාන්වරයා වෙනුවෙන් පෙනි සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles