කුවේටයත් ට්‍රම්ප්ගේ පාරේ යයි

0
324

සිරියාව, ඉරාකය, පකිස්තානය, ඇෆ්ගනිස්ථානය හා ඉරානය යන රටවල පිරිස් සඳහා කුවේටයට ඇතුළුවීම තහනම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් රටවල් 07ක් සඳහා ඇමරිකාවට ඇතුළුවීම වළක්වාලමින් නීති පැනවීමත් සමග කුවේටයත් එවැනිම තීරණයක් ගෙන ඇති බව සදහන්.

ඒ අනුව රටවල් 05කට කුවේටයට ඇතුළුවීම තහනම් කරමින් එරට රජය නියෝගයක් නිකුත් කර ඇත.

අන්තවාදී ඉස්ලාමීය සංවිධාන තම රටට ඇතුළුවීම වැළැක්වීම මෙහි අරමුණ බව කුවේට් රාජ්‍යය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here