Sunday, September 22, 2024

උතුරු මහ ඇමතිගෙන් දයාසිරිට පිළිතුරක්

වසර 80කට අධික කාලයක් උතුරේ ජීවත්වන සිංහල ජනතාව සමග කිසිදු ගැටලුවක් නොමැති බවත්, ගැටලුව ඇත්තේ දකුණේ සිට උතුරට පැමිණ උතුරේ ජනතාවගේ ඉඩම්වල පදිංචි වීමට උත්සාහ දරන පිරිස් සමග බවත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (03දා) වවුනියාව ඊරට්ටපෙරියකුලම් ප්‍රදේශයේ පිහිටි වවුනියාව දකුණ ප්‍රදේශීය සභාවේ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ

‘‘චෝදනාවක් තියනවා අපි උතුරු පළාතේ සිංහල මිනිස්සුන්ට සලකන්නෙ නැහැ කියලා. දැන් මේ ගොඩනැගිලි බලපුවාම අපි සලකනවද නැද්ද කියල බලාගන්න පුළුවන්. අනිත් එක අපට උතුරු පළාතේ ඉන්න සිංහල මිනිස්සුත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද අවුරුදු 80කටත් වැඩි කාලයක් මෙහෙ හිටියේ අපේ උතුරේ සිංහල මිනිස්සු. අපට ප්‍රශ්නෙ තියෙන්නේ අපේ මිනිස්සුන්ටත් හුඟක් ඉඩකඩම් ගෙවල් ඕනවෙලා තියෙනකොට පිට පළාත්වල සිට මිනිස්සු ගෙනත් දාන එකටයි.අපට සිංහල අයත් එක්ක කිසිම තරහක් නැහැ.

ළඟදි අමාත්‍ය දයාසිරි ජයසේකර කියල තියෙනවා මාව මෙහෙන් පන්නන්න ඕන කියල. එයා මගෙ මිතුරෙක්. නමුත් මාව පැන්නුවා කියල මේ දෙමළ ජනතාව වෙනුවෙන්, දෙමළ ජනතාවගේ විසඳුම් වෙනුවෙන් ඇත්ත කතාකරන කෙනෙක් නැවත පත්වෙනවා. එයා පත්වුණාම කියන්නෙත් මම කියන දේම තමයි” යනුවෙන්ද කියා සිටියේය.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles