Sunday, September 22, 2024

ඇමැතිවරු දෙන්නෙක් එලියට විසිවෙන ලකුණු

දූෂණ චෝදනා එල්ල වී ඇති ආණ්‌ඩුවේ ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනෙක්‌ වහාම එම ධුරවලින් ඉවත් කරන ලෙස මැති ඇමැතිවරු පිරිසක්‌ ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලීම් කර ඇත.

ජනතාවට බලපාන ප්‍රධානතම අමාත්‍යාංශ දෙකක්‌ භාරව කටයුතු කරන මෙම ඇමැතිවරු දෙදෙනා එම අමාත්‍යාංශවල මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සිදුකර ඇති බවට පැමිණිලි ලැබී තිබේ.

මොවුන් දෙදෙනාගේ ක්‍රියාකලාපයන් රජයට ද කැළලක්‌ බවත් රජයත්, ජනතාවත් අපහසුතාවට පත්කරමින් සිදුකරන ඔවුන්ගේ කටයුතු නතර කිරීමට නම් ඔවුන් සිය ධුරවලින් ඉවත් කළ යුතු බවත් සෙසු මැති ඇමැතිවරුන්ගේ අදහස වී තිබේ.

පූර්ණ කැබිනට්‌ මණ්‌ඩල සංශෝධනයක්‌ ඉදිරි මාස කිහිපය ඇතුළත සිදුකිරීමට නියමිත වුවත් ඉහත ඇමැතිවරුන් දෙදෙනාගේ අමාත්‍යධුර එතෙක්‌ නොසිට ඊට පෙර වෙනස්‌ කරන ලෙසත් ඉහත ඇමැති පිරිස ජනාධිපතිවරයාගෙනුත්, අගමැතිවරයාගෙනුත් වැඩිදුරටත් ඉල්ලීම් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles