Sunday, September 22, 2024

විගණකාධිපතිවරු රාජපක්‍ෂලා, රවිලා වගේ හොරු නෙවෙයි

“විගණකාධිපති කියන්නේ පාර්ලිමේන්තුවට වගකියන ස්වාධීන දෙපාර්තමේන්තුවක නිලධාරියෙක්. ඔහු ඉන්නේ මුදල් අමාත්‍යවරයා යටතේ නෙවෙයි. පසුගිය අවුරුදු 10, 15 කාලය පුරා මේ රටේ දූෂිත සහ ජරාජීර්ණ තත්ත්වයට පත්වුණු රාජ්‍ය ආයතන අතරින් යම් පමණකට තමන්ගේ ආත්ම ගෞරවය රැකගත්තු රාජ්‍ය ආයතන අතළොස්සක් තිබුණා නම් ඒ අතරින් එකක් තමයි ඔය විගණකාධිපති දෙපාර්තමේන්තුව. විශේෂයෙන් විගණකාධිපතිවරු. ඔවුන් රාජපක්‍ෂලා වගේ දූෂිතයන්ගේ ගොඩට වැටුණු, රවි කරුණානායකලා වගේ අය නෙවෙයි. එහෙම බලද්දි අගමැතිවරයා, රවිලා, අර්ජුන් මහේන්ද්‍රන්ලා ඕකට විරුද්ධ වීම අරුමයක් නෙවෙයි.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

බැඳුම්කර වංචාව සාධාරණීකරණය කරන්න එක්සත් ජාතික පක්‍ෂය ක්‍රම කිහිපයක් අනුගමනය කළා. ඔවුන් අනුගමනය කරපු එක ක්‍රමයක් තමයි බැඳුම්කර නිකුත් කිරීමට තිබුණු ක්‍රමවේද වෙනස් කිරීම. බැඳුම්කර නිකුතුවේදී ඍජු සහ වෙන්දේසි කියන ක්‍රමවේද දෙක තමයි සාමාන්‍යයෙන් අනුගමනය කළේ.

2005 අප්‍රේල්වල ඉඳලා මේ ක්‍රමය තමයි අනුගමනය කළේ. නමුත් අර්ජුන් මහේන්ද්‍රන් පෙබරවාරි ඉඳලා ඍජු ක්‍රමය අත්හිටුවලා තමන්ගේ බෑණා වුණු අර්ජුන් ඇලෝෂියස්ට හොරකම් කරන්න අවස්ථාව හදලා දුන්නා. ඒකට තමයි මහ බැංකු නිලධාරීන් විරුද්ධ වුණේ.

යූ.එන්.පී.ය උත්සාහ කළා කෝප් කාරක සභාවේ කණ්ඩායමට සෘජු සහ වෙන්දේසි ක්‍රම දෙකෙන් සෘජු ක්‍රමය වැරැදියි කියලා ඔප්පු කරන්න. වෙන්දේසි ක්‍රමය හරහා තමයි ලාභ ලබා ගත්තේ. කලින් ක්‍රමය වැරැදියි කියලා ඔප්පු කරන්න යූ.එන්.පී.ය උත්සාහ කළේ. නමුත් එය මහ බැංකු නිලධාරීන්ගේ සාක්‍ෂි මත බිඳ වැටුණා. රවි කරුණානායක මුදල් පනතේ තිබෙන පනත් කිහිපයක් පාවිච්චි කරලා ඒක වැරැදියි කියලා ඔප්පු කරන්න හැදුවා.

ඔහු කිව්වා 2008 ඉඳලා බැඳුම්කර නිකුත් කිරීම ගැන විගණනය කරලා විගණන වාර්තාවක් දෙන්න කියලා. එහි අරමුණ වුණේ 2008 ඉඳලා බැඳුම්කර නිකුත් කිරීමේදී ඍජු ක්‍රමය අනුගමනය කිරීම වරදක් කියලා ඔප්පු කිරීම.

බිමල් රත්නායක මහතා මේ බව ප්‍රකාශ කරන්නේ සතිඅන්ත පුවත්පතකට ප්‍රකාශයක් ලබා දෙමිනි. lannkatruth

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles