හිටපු මහ බැංකු අධිපති එකම වේලාවක තැන් දෙකක ඉඳලා

0
332

හිටපු මහ බැංකු අධිපතිවරයා සිය තනතුර දරන සමයේදී එකම රාත්‍රියක ඉන්දියාවේ හෝටල් දෙකක නවාතැන් ගෙන තිබෙන බව අභ්‍යන්තර විගණන වාර්තාවකින් හෙළිකරගෙන ඇතැයි දූෂණ විරෝධී හඬ සංවිධානය සඳහන් කරයි.

පසුගිය මාර්තු 16 වැනිදා ඉන්දියාවේ සමුළුවකට සහභාගි වී එකම රාත්‍රියේ හෝටල් දෙක ගත කර මහ බැංකුවට රුපියල් 106,102 ක මුදලක් අහිමි කර තිබෙන බවද එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.

මේ අනුව එක් හෝටලයකට රුපියල් 59,381 ක මුදලකුත්, තවත් හෝටලයකට රුපියල් 46,721 ක මුදලකුත් ඉන්දියානු රුපියල්වලින් ගෙවා තිබෙන බවද අද (05දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here