ඇමති වජිරගෙන් කළුතරට ලක්ෂ 3820ක නව ව්‍යාපෘති

0
456

කළුතර පරිපාලන දිස්ත්‍රික්කයට අයත් බණ්ඩාරගම සහ හොරණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල නව පරිපාලන ගොඩනැගිලි විවෘත කිරීම, කළුතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නව පරිපාලන ගොඩනැගිලි සඳහා  මුල්ගල තැබීමේ උත්සව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රදේශයේ අනෙකුත් මැතිඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් මේ මස 11 සහ 13  වන සෙනසුරාදා හා සඳුදා දිනයහිදී පැවත්වේ.

 

ඒ අනුව රුපියල් ලක්ෂ 640 ක වියදමකින් යුතුව ඉදිකළ බණ්ඩාරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාල නව පරිපාලන ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම 11 වන සෙනසුරාදා දින පෙ.ව.9.00 ට සිදු කිරීමට නියමිතය. රුපියල්  ලක්ෂ 1800 ක වියදමකින් යුතුව ඉදි කරන කළුතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහරුපියල්  ලක්ෂ 730 ක වියදමකින් යුතුව ඉදි කරන කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නව පරිපාලන ගොඩනැගිලි සඳහා  මුල්ගල තැබීම 13 වන සඳුදා පෙ.ව.10.30 ට සිදු කිරීමට නියමිතය. ලක්ෂ 650 ක වියදමකින් යුතුව ඉදි කළ  හොරණ ප්‍රාදේශිය ලේකම් කාර්යාල නව පරිපාලන ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම එදින ප.ව. 2.00 ට එම කාර්යාල භූමියේදී සිදු වේ.

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීමෙන් මෙම නව ගොඩනැගිලි ඉදිකිරිම සිදු වෙයි. මේ තුළින් වඩා කාර්යක්ෂම,ගුණාත්මක හා විශ්වාසනීය මහජන සේවයක් ඇති කිරීම රජයේ අරමුණයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here