ආරියදාස පීරිස් නික්ම යයි

0
660

1951 අප්‍රේල් 11දා සහන නිවේදකයෙකු ලෙසින් ගුවන්විදුලියට එක්වුණු ආරියදාස පීරිස් මහතා සංගීත වැඩසටහන් මෙහෙයවීමේහලා කැපී පෙනෙන දක්ෂතා දැක්වූ අයෙකු ලෙස හැඳින්වෙයි.

ඔහු විසින් මෙහෙයවන ලද ‘ආධුනික පැය’ සහ ‘පිබිදෙන ගායක පරපුර’ ඔස්සේ කල එළි බට ජනප‍්‍රිය ගායක ගායිකාවන් බොහෝ ප්‍රමාණයක් සිටින අතර “ඔව්. නෑ බෑ මිනිත්තුවක් පමණයි, පැන පොඩි, එඩීගෙන් අහන්න, අම්බිගා ගීතයෙන් ගීතය, නිවේදක තෝරයි“ වැනි ඔහු හඳුන්වා දුන් හා ඉදිරිපත් කළ වැඩසටහන් විශාල ගණනාවක් බොහෝ ජනප්‍රිය විය.

අද දිනයේ මිය යන විට 91 වන වියේ පසුවූ ආරියදාස පීරිස් මහතා ප්‍රවීණ ගායන ශිල්පිණී චරිතා ප්‍රියදර්ශනී පීරිස්ගේ පියාණන්ය.

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here