දුමින්දගේ මොළය ගැන වාර්තාව 28දා ඉල්ලයි

0
492

මරණ දඩුවම නියම වී සිටින හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාගේ මොළය සම්බන්ධයෙන් පරීක්‍ෂා කරන විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ  වාර්තාව ලබ 28 දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් අරුණි ආටිගල මහත්මිය බන්ධනාගාර අධිකාරීවරයාට අද (13දා) නියම කළාය.

කොළඹ ජාතික රෝහලේ ස්නායු සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකුට දුමින්ද සිල්වා මහතා ඉදිරිපත් කොට ඔහුගේ මොළය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස මහෙස්ත‍්‍රාත්වරිය මීට පෙර අවස්ථාවක අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියම කළේය. මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කළ යුතු බව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයට විසින් කළ දැනුම් දීමකට අධිකරණය අවසර ලබා දී තිබිණි.

ඒ අනුව විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත‍්‍රාත්වරිය එලෙස නියම කළාය.

පාර්ලිමෙන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස සිය වත්කම් හෙළි නොකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් දුමින්ද සිල්වා මහතාට එරෙහිව ඉදිරිපත් කොට ඇති නඩු තුන කැඳවනු ලැබු අවස්ථාවකදී දුමින්ද සිල්වා මහතාගේ රෝගී තත්වය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාව සැළකිල්ලට ගත් මහෙස්ත‍්‍රාත්වරිය එලෙස නියම කළායන්ධනාගාර නිලධාරීන් විසින් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාව සැළකිල්ලට ගත් මහෙස්ත‍්‍රාත්වරිය එලෙස නියම කළාය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here