නාමල්ට එරෙහි එක නඩුවක් අවසන්

0
421

අල්ලස් කොමිසමට අපහාස කළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසම පවරා තිබූ නඩුව පවත්වාගෙන නොයාමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

අදාළ නඩුව අද (කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනීසිටි නීතිවේදියා කියා සිටියේ වගඋත්තරකාර නාමල් රාජපක්ෂ පසුගිය 15 වැනිදා සහ 20 වැනිදා අල්ලස් කොමිසම හමුවට ගොස් ප්‍රකාශ ලබාදී ඇති අතර දිවුරුම් ප්‍රකාශයක්ද ලබාදී ඇති බවය.

වගඋත්තරකරු ඉදිරි පරීක්ෂණ වලට සහාය දක්වන බවට ප්‍රතිඥාවක් ලබා දෙන්නේ නම් මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන නොයාම සම්බන්ධයෙන් තමන්ගේ විරෝධතාවක් නොමැති බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.

මෙහිදී නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් අධිකරණයට දන්වා සිටියේ ඉදිරි පරීක්ෂණවලට වගඋත්තරකරු පුර්ණ සහාය ලබාදෙන බවය.

ඒ අනුව නඩු විභාගය අවසන් කිරීමට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය, අල්ලස් කොමිසමේ ඉදිරි විමර්ශන කටයුතුවලට සහාය ලබාදෙන්නැයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට නියෝග කළේය.

අල්ලස් කොමිසම මගින් සිදුකළ විමර්ශනයකට සහාය ලබා නොදීම මගින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එම කොමිසමට අපහාසයක් කළ බවට චෝදනා කරමින් අදාළ චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here