වතුර වලින් මහා පරිමාණයෙන් ගසා කෑ අයට වරදී-සල්ලි ගැහුවේ කවුද?

0
415

පසුගිය රජය සමයේ ලෝක බැංකුවෙන් හා දේශීය ණය ආධාර මත ක්‍රියාත්මක වූ ජල සම්පාදන ව්‍යාපෘති 15 ක් උදෙසා ඇස්තමේන්තු වටිනාකම හා වෙළෙඳ පොළ වටිනාකමට වඩා අධික වටිනාකමක් ගෙවා තිබීම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ අරඹා ඇත. මෙම ව්‍යාපෘති 15 ජාතික ජල සම්පාදන හා ජල සම්පත් මණ්ඩල හරහා ක්‍රියාත්මක වී ඇති අතර එම ව්‍යාපෘති 15 සමඟ රුපියල් මිලියන 51,597 ක් ඇස්තමේන්තු කර තිබේ. එයින් කොළඹ හා අම්පාර ජල සම්පාදන යෝජනා ක්‍රම දෙකක් සඳහා වෙළෙඳපොළ වටිනාකම හා ඇස්තමේන්තු වටිනාකමට වඩා රුපියල් මිලියන 738 ක් ගෙවා ඇති බව ද වාර්තාවේ.‍ එයින් අම්පාර අදියර – 3 සඳහා රුපියල් මිලියන 260 ක් හා කොළඹ 01 අදියර සඳහා මිලියන 478 ක් ඇස්තමේන්තු මුදලට වඩා ගෙවා ඇතැයි ද වාර්තා වී ඇත. ව්‍යාපෘති 4 ක් සඳහා අත්තිකාරම් වශයෙන් රුපියල් මිලියන 2027 ක් ජාතික ජල සම්පත් හා ජල සම්පාදන මණ්ඩලය විසින් ගෙවා ඇති අතර මේ ගෙවීම් සම්බන්ධව මතුව ඇති අක්‍රමිකතා වාර්තා නිසා මේ සම්බන්ධව පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

ඇස්තමේන්තු වටිනාකම හා වෙළෙඳ පොළ වටිනාකමට වඩා මෙසේ මුදල් අනුමත කිරීමට හේතුව හා එම ගෙවීම් අනුමත ‍ කවුරුන්ද යන්න පිළිබඳව මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇත.

අදාළ ව්‍යාපෘති භාරව සිටි අධ්‍යක්ෂවරුන් මෙන් ම එවකට සිටි අමාත්‍යාංශ ලේකම්වරයාට මේ සම්බන්ධව චෝදනා එල්ල වනු ඇතැයි වාර්තා වේ‍.‍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here