Wednesday, October 23, 2024

රාජපක්‍ෂ රෙජීමය හාරකෝටියක ණය බරක්‌ රටට උරුම කළා අගමැති රනිල් වික්‍රමසිංහ

මේ රටේ තරුණ තරුණියන්ගේ අනාගතය විනාශ කරපු රාජපක්‌ෂ රෙජීමය රුපියල් කෝටි හාරලක්‌ෂ අසූ දෙදහස්‌ නවසිය හතළිහක විදේශ ණය බරක්‌ මේ රටට උරුම කළා. මේ ණය බේරීමට සිදුව ඇත්තේ අපේ යහපාලන ආණ්‌ඩුවට යයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල මීපාවල දී 24 වැනිදා පැවසීය.

ගාල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්‌ටිආරච්චි මහතාගේ අක්‌මීමන ආසනයේ නව එජාප කාර්යාලය විවෘත කිරීමෙන් පසුව පැවති ජනහමුව අමතමින් අගමැතිවරයා මේ බව කීය. එහිදී අගමැතිවරයා මෙසේ ද පැවසීය.

දකුණ සංවර්ධනය කිරීමට අලුත් සංවර්ධන සංස්‌ථාවක්‌ පිහිටුවනවා. දකුණේ කර්මාන්ත ඇති කරන ආයෝජකයින්ට මෙම සංස්‌ථාව හරහා ඉඩම් ලබා දීමට කටයුතු කරනවා. චීනයෙන් කර්මාන්ත තුන්සියයක්‌ ගේනවා. දැනට තෙල් පිරිපහදුවක්‌, නැව් තටාංගනයක්‌, සිමෙන්ති කර්මාන්ත ශාලාවක්‌, එල්.එම්.ජී විදුලි බලාගාරයක්‌, වානේ කර්මාන්ත ශාලාවක්‌ ගෙන ඒමට ලෑස්‌ති කර තිබෙනවා. අපි මේ කර්මාන්ත බාර ගන්න ඕන. එතකොට තමයි රැකියා ඇති වෙන්නේ.

වැලිගම චාලි මවුන්ට්‌ වත්තේ අලුත් වෙළෙඳ කලාපයක්‌ ආරම්භ කරනවා. දකුණේ දෙද්දුව සිට ගාලු නගරය කොග්ගල දක්‌වා සංචාරක ව්‍යාපාරය දියුණු කරන විශාල වැඩසටහනක්‌ තිබෙනවා. ඊළඟ මාස කිහිපයේදී දෙද්දුව දියුණු කරනවා. අකුරල දියුණු කරනවා. ගාලු කොටුවේ තිබෙන ගොඩනැඟිලිවල හෝටල් ඇති කරනවා. එපමණක්‌ නොව කාමර දෙක තුන තිබෙන නිවාසවලටත් සංචාරකයන් ගෙන එනවා. තොරතුරු තාක්‌ෂණය දකුණට ගේනවා. වයඹ, කළුතර, නුවර, ත්‍රිකුණාමලය පොළොන්නරුව යන නගර සංවර්ධනය කරනවා. රාජපක්‌ෂ රෙජිමය ආයෝජන ගෙනාවේ නැහැ. ලංකාවේ ව්‍යාපාරිකයන්ට පමණක්‌ ආයෝජනය කරන්න හැකියාවක්‌ නැහැ. ඒ නිසා විදේශ ආයෝජකයෝ ලංකාවට ගේන්න සිදු වෙලා. මේ වැඩපිළිවෙලට විරුද්ධ වෙන්නේ ෙද්‍රdaහීන්. අපිට කොමිස්‌ උවමනා නැහැ. අපි කර්මාන්ත ඇති කරන්නේ ලෝකයේ යුරෝපීය වෙළෙඳපොළ වැනි විශාල වෙළෙඳපොළවල් ඉලක්‌ක කරගෙනයි. චීනය, ඉන්දියාව සමග අපි වෙළෙඳ ගිවිසුම් අත්සන් කරනවා. ඒවා කඩාකප්පල් කරන්න, වැඩවර්ජනය කරන්න ඇතමුන් කටයුතු කරනවා. කොතෙක්‌ බාධක ආවත් මේ ආණ්‌ඩුව 2020 වන තුරු ඉදිරියට ගෙන යනවා.

රාජපක්‌ෂ රෙජිමය මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ කරලයි තිබුණෙ. අපේ අරමුණ විනාශ වූ රට, විනාශ වුණ ආර්ථිකය දියුණු කරලා පාක්‌ෂිකයන්ට සහන දීමයි. තරුණ තරුණියන්ට රැකියා ලැබෙන ආදායම් මාර්ග බිහි කරන වැඩ කොටස අපි භාරගෙන තිබෙනවා. රාජපක්‌ෂලා මේ රට ගෙනියන්න නොහැකි තරමට රට ණය කරලා. හිටපු ජනාධිපතිතුමා අපිට භාරදුන්න මැරෙන්න ආසන්න ලෙඩෙක්‌. අපි ලෙඩාට මැරෙන්න දෙන්නේ නැහැ. අපි පොදු පෙරමුණක්‌ හදලා පොදු අපේක්‌ෂකයෙක්‌ දාලා ඡන්දයට ගිහිල්ලා මෛත්‍රිපාල මැතිතුමා ජනාධිපති බවට පත් කළා. රාජපක්‌ෂ රෙජිමය මේ රට ණය උගුලක හිර කළා. විදේශ ණය ඩොලර් කෝටි තුන්දහස්‌ හයසීයක්‌ ගෙවීමට තිබෙනවා. මේ ණය අවුරුදු දහයකින් ගෙවන්න තිබෙනවා. දෙදහස්‌ දහසය අවුරුද්ද අපි රටේ ස්‌ථාවරත්වයක්‌ ඇති කළා. ණය ගෙවන්න ශක්‌තිමත්භාවයක්‌ ඇති කරන්න අපිට පුළුවන්කම ලැබුණා.

2016 අපේ රජය ජනතාවට විශාල සහන දුන්නා. බඩු මිල අඩු කළා. තෙල් මිල අඩු කළා. ගෑස්‌ මිල අඩු කළා. පඩි වැඩි කළා. අපේ රට ගොඩ එන්න නම් මේ ණය ගෙවන්න ඕන. නැත්නම් රටට අනාගතයක්‌ නැහැ.

රාජපක්‌ෂ රට භාරගන්න විට අපේ රටේ ආදායමෙන් දළ දේශීය නිෂ්පාදනය 19%ක්‌ තිබුණා. රාජපක්‌ෂගෙන් ගන්නා විට එය 10% දක්‌වා අඩු වෙලා. දැන් අපට ඇති එකම අභියෝගය ආර්ථිකයේ ස්‌ථාවර බවක්‌ ඇති කිරීමයි. ලෝකයේ සහයෝගය ඇතිව ආර්ථික ස්‌ථාවරත්වය අපි ඇති කරනවා. ලෝක බැංකුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපි කතා කළා. ශක්‌තිමත් ආර්ථිකයක්‌ ඇති කරගන්න. ආර්ථිකය දියුණු වුණේ නැත්නම් කොහොමද රැකියා දෙන්නේ. පසුගිය අවුරුදු පහේ කර්මාන්ත ඇති වුණේ නැහැ. හෝටල් ඇති වුණේ නැහැ. කිසිම දියුණුවක්‌ ඇති වුණේ නැහැ. රැකියා බිහි කරන්න නම් ආයෝජකයෝ අවශ්‍යයි. චීනය දියුණු වුණේ එරට අයෝජන අවස්‌ථා

පිටරැටියන්ට ලබා දුන් නිසා. වියට්‌නාමයත් ඒ දේම කළා. 91 දී වියට්‌නාමයේ කර්මාන්ත තිබුණේ නැහැ. අද ලෝකයේ විශාල කර්මාන්ත ශාලා වියට්‌නාමයේ තිබෙනවා. රාජපක්‌ෂ රෙජිමය යුද්ධය අවසන් කළාට කර්මාන්ත ආරම්භ කළේ නැහැ. ආයෝජකයන් කාටවත් එන්න කිව්වේ නැහැ. සිදු කළේ ණය අරගෙන රට බංකොලොත් කිරීම පමණයි. හම්බන්තොට වරාය සෑදීමට ගත් ණය 2017 ගෙවන්න වෙනවා. ඒ ණය ගෙවන්න කිසිම මාර්ගයක්‌ තිබුණෙ නැහැ. අපි හම්බන්තොට ණය ගෙවන්න චීනය සමග එකඟ වුණා. චයිනා මර්චන්ට්‌ සමාගමයි අපේ වරාය අධිකාරියයි එකතු වෙලා හම්බන්තොට වරාය හවුලේ ගෙනියනවා. 99 අවුරුදු අයිතියේ වටිනාකම අපිට දෙනවා. ඒ අයිතිය අපිට හම්බවුණාම කෙලින්ම හම්බන්තොට වරායේ ණය 80% කින් මේ අවුරුද්දේ ගෙවලා ඉවර කරන්න පුළුවන්.

ඊළඟ අවුරුදු දහයේදී සංචාරකයෝ ලක්‌ෂ දහයක්‌ ගේනවා. ඒ ලක්‌ෂ දහය ගොඩ බහින්නේ දකුණට. මේ නිසා වරායත් ගුවන් තොටුපොළත් විශාල ලෙස දියුණු වනවා යයි ද අගමැතිවරයා වැඩි දුරටත් කීවේය.

මෙහිදි එක්‌සත් ජාතික පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට තිළින ප්‍රදානය කිරීමක්‌ ද අගමැතිවරයා අතින් සිදු විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles