සයිටම් නාටකයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අල්ලන්න සොයයි

0
372

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ ප්‍රධාන විධායක සමීර සේනාරත්න මහතා ගමන් ගත් වාහනයට වෙඩි තැබීමේ නාටකය නිර්මාණ්‍ය කර බව කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සහ පළාත් පාලන ආයතනයක රියදුරා ප්‍රාදේශයෙන් පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.

එම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සමීර සේනාරත්න මහතා සමඟ සමීපව කටයුතු කළ පුද්ගලයකු බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු මාර්තු තුන් වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. ඔහු සතුව මිලිමීටර් නවය   බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලයක් හා උණ්ඩ දෙකක් ද, 3.8 වර්ගයේ රිවෝල්වරයක් සහ උණ්ඩ තුනක් ද තිබුණු බව පොලිසිය පවසයි.

වෙඩි තැබීමේ නාටකයට උපයෝගී කර ගත් බව කියන යතුරු පැදියද කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශක කොට්ඨාසය භාරයට ගෙන තිබේ.

මම සිද්ධියට සම්බන්ධ බවට සැක කරන යුද හමුදා විශේෂ බළකායේ හිටපු භටයෙකුගෙන් ද පොලිසිය ප්‍රශ්න කර ඇති අතර ඔහු මේ වන විට වෙනත් වරදක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසු වෙයි.

මේ වන විට කර ඇති විමර්ශන අනුව හෙළි වී ඇත්තේ සමීර සේනාරත්න මහතාට ජීවිත තර්ජන ඇති බව හුවා දැක්වීමේ අරමුණෙන් මෙය ව්‍යාජ ලෙස සැලසුම් කරන ලද්දක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here