දූෂිත රාජපක්ෂ කොන්ත්‍රාත්කරුවන්ට කිරිඇල්ල වැට බදියි

0
378
මහාමාර්ග හා විශ්ව විද්‍යාල අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණිය සිය අමාත්‍යාංශයේ තනතුරක් ලබාදුන්නේ යැයි කියමින් පදනම් විරහිතව, ද්වේශ සහගත ලෙස මඩ ගැසීමේ ව්‍යාපාරයක් ඇරැඹි තිබුණි. මෙම මඩ ගැසීම පිටු පස ඇති සැබෑ හේතුව දැන් අපගේ අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වෙයි. එය රාජපක්ෂ දුර්දාන්ත පාලන සමය කරා දිව යන්නකි. සිද්ධිය සැකවින් මෙසේය.මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියරේ කොන්ත්‍රාත්තුව ලබාදී තිබුණේ රාජපක්ෂ හිතවාදීන් වන දූෂිතයින් දෙදෙනෙකුට අයත් කොන්ත්‍රාත් සමාගමකටය.  .ඔවුන්ට දූෂිත රාජපක්ෂ පාලන යුගයේදී මේ කොන්ත්‍රාත් ලබාදුන්නේ අත යටින්‍ ය.නමුත් යහපාලනයට පින් සිදු වන්නට මේ අත යටින් ලබාදෙන ගනුදෙනු සියල්ල නැති වී සියල්ල නියමාකාරයට හැරුණි. කොන්ත්‍රාත් සමාගම් වෙත කොන්ත්‍රාත් ලබාදුන්නේ නියමිත ටෙන්ඩර් පරිපාටියට අනුව විනිවිධ අයුරුණි.මේ නිසා කොමිස්,අල්ලස් ලබාදීම්වලින් කොන්ත්‍රාත් ලබාගැනීම සම්පූර්ණයෙන්ම ඇණ හිටුණි.මෙයින් රාජපක්ෂ හිතවාදීන්ගේ සැලසුම් ව්‍යර්ථ විය. අමාත්‍යවරයාගේ තීරණයක් අනුව දූෂිත කොන්ත්‍රාත්කරුවන්ට කොන්ත්‍රාත් ලබාදීම සිය අමාත්‍ය කාර්යය මණ්ඩලය ප්‍රතික්ෂේප කෙරුණි. කිරිඇල්ල අමාත්‍යවරයාට හා පවුල ඉලක්ක කර ගනිමින් මඩ ව්‍යාපාරය ඇරඹෙන්නේ ඒ අනුවය. මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයාගෙන් අප මේ පිළිබඳව කළ විමසීකදී ප්‍රකාශ කළේ,රක්ෂණ නියෝජිත සමාගම් තෝරගන්නේ අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත නොව අදාළ කොන්ත්‍රාත් සමාගම වන බවය.ඒ නිසා අමාත්‍යවරයාගේ දියණිය රක්ෂණ සමාගමෙන් කොමිස් මුදල් ගත් බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය වන බව පැහැදිළිය. මෙය හුදෙක්ම දේශපාලනිකව මඩ ගැසීමේ මත කළ දෙයක් බව දැන් අනාවරණය වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here