Wednesday, October 23, 2024

සම්බන්ධන්ට – සුමන්තිරන්ට සෙසු දෙමළ පක්ෂ වල විරෝධය

මෙරට තුළ ජිනීවා නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා ලක් රජයට අමතර කාල දීර්ඝයක් ලබා දීමට දෙමළ ජාතික සන්ධානයේ විරෝධයක් නොමැති බවට එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශයට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ සතරේම දැඩි විරෝධයක් මතුවී තිබෙන බව එම සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා ලංකාදීපයට පැවසීය

දෙමළ සන්ධානයේ නායක සම්බන්ධන් මහතාත් මාධ්‍ය ප්‍රකාශක සුමන්තිරන් මහතාටත් හිතෙන සේ පක්ෂයේ පොදු ස්ථාවරය ප්‍රකාශ කළ නොහැකි බවත් සම්බන්ධන් සුමන්තිරන් ඇතුළු කිහිප දෙනෙකු හැර මෙම සන්ධානයේ දේශපාලන පක්ෂ හතරේම නියෝජිතයින් ශ්‍රී ලංකාවට අමතර කාල දිගුවක් ලබා දීම ප්‍රතික්ෂේප කර සිටින බවත් හෙතෙම සදහන් කළේය.

දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කරගත් යෝජනාව ක්‍රියාත්මක කිරීම පමණක් බවත් ඒ සදහා ලක් රජයට තවදුරටත් කාලය දීර්ඝ කරදීම පිළිබද දෙමළ ජාතික සන්ධානයේ විරෝධයක් නැති බවත් සුමන්තිරන් මහතා කොලඹ පැවති මාධ්‍ය හමුවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් සදහන් කර සිටියහ.

සුමන්තිරන් මහතාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ඊ.පී.ආර.එල්.එෆ් පක්ෂයේ ස්ථාවරය කුමක්දැයි එම පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා කළ විමසුමකට පිලිතුරු දෙමින් මේ බව සදහන් කළේය

ශ්‍රීලංකාව තුළ ජිනීවා නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අමතර කාලයක් ලබා නොදිය යුතුයි යන ස්ථාවරයේ දෙමල ජාතික සන්ධානය නියෝජනය කරන ඊ.පී.ආර්.එල්.එෆ්, ප්ලොට් සහ ටෙලෝ යන පක්ෂ පසුවන බවත් සම්බන්ධන් සුමන්තිරන් නියෝජනය කරන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ බහුතර නියෝජිතයින්ද ඒ අතර වන බවත් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා කීවේය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles