Wednesday, October 23, 2024

කළුතර ප්‍රහාරය ගැන නිවේදනයක්

කළුතර බන්ධනාගාර රැඳවියන් ප්‍රවාහනය කරමින් තිබූ අවස්ථාවේදී එම බස් රථ වෙත එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය පහතින්,

2017.02.27 වන දින කළුතර බන්ධනාගාර රැඳවියන් ප්‍රවාහනය කරමින් තිබුණු බස් රථ දෙකකට එම බන්ධනාගාරය ආසන්නයේදී අවිගත් නාදුනන කණ්ඩායමක් විසින් සිදුකරන ලද වෙඩි තැබීම හේතුවෙන් රැඳවියන් පස්දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අවාසනාවන්ත සහ බරපතල සිදුවීම පිලිබදව කණගාටුව පල කරමි.

ව්‍යවස්ථාපිත නීතිමය රාමුව යටතේ බන්ධනාගාර ගත සැකකරුවන්ගේ භාරය සහ ආරක්ෂාවේ සම්පුර්ණ වගකීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත පැවරෙන අතර දරුණු ගණයේ සැකකරුවන් ප්‍රවාහනයේදී ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා පොලිස් නිලධාරීන්ගේ සහාය ලබාගන්නා ලෙස උපදෙස් ලබාදී ඇත.

මෙවැනි සැකකරුවන් ප්‍රවාහනයේදී පිළිපැදිය යුතු ආරක්ෂක ක්‍රම විදිවිධානයන් පිළිබදවද පොලිස් නිලධාරීන් පිලිබදව පොලිස් නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරීන් වෙත අවශ්‍ය පුහුණුව මෙන්ම ස්වයංක්‍රිය ගිනි අවි ලබාදී තිබියදී මෙවැනි අවාසනාවන්ත සිද්ධීන් පිලිබදව ශ්‍රී ලංකා පොලීසියට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට තාම සාමුහික වගකීමෙන් මිදීමට නොහැකිවනු ඇත.

බන්ධනාගර දෙපාර්තමේන්තුව භාර අමාත්‍යවරයා විසින් මෙම සිදුවීමේ වගකීම ශ්‍රී ලංකා පොලීසිය වෙත පවරා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වගකීම විතැන් කිරීමට කටයුතු කිරීම වෙනුවට ප්‍රධාන ආයතනවල වගකීම, කාර්යභාරය සහ අඩුපාඩු හඳුනාගෙන එවැනි අවස්ථාවන්ට සාර්ථකව මුහුණදීමට කටයුතු කරනු දැකීම මහජනයාගේ අපේක්ෂිත යථාර්තය වන බව පසක්කර ගනිමින් එහි වගකීම අදාල සියලු පාර්ශවයන් භාරගත යුතුය.

මෙම ප්‍රහාරයට සාර්ථකව මුහුණදීමට හෝ එය වැලක්වීමට අවශ්‍ය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා පොලිසියේ අදාල නිලධාරීන් පිලිබදව පියවර ගැනීමට සහ ප්‍රහාරයට වගකිව යුතු සැකකරුවන් කඩිනමින් නීතියේ රැහැනට හසුකර ගැනීම සදහා අප වගකිව යුතු රජයක් වශයෙන් නොපිරිහෙලා අවශ්‍ය සියලුම පියවර ගැනීමට බැඳී සිටී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles