Thursday, October 24, 2024

පස් ඉන්දිකගෙන් -රන්ජන්ට මරණ තර්ජන

අද පස්වරු 2.30ට ඇරඹුණු දිවුලපිටිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී එහි සභාපති නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා අතර බහින් බස් වීමක් සිදූ විය. මෙහිදී ඉන්දික අනුරුද්ධ මහතා දිගන් දිගටම කලහකාරී අයුරින් හැසිරීම නිසා රාමනායක මහතාගේ ආරක්ෂකයන් විසින් ඔහු සභා ගැබෙන් ඉවත් කර ගන්නා ලදී.

මෙම සභාවට ඉන්දික අනුරුද්ධ මහතා පැමිණෙන විට පස්වරු 4.30 පමණ පසු වී තිබූ අතර එහිදී සාකච්ඡාවට බදුන් වී තිබුණේ දිවුලපිටියේ අනවසර පස් කැපීම පිළිබඳවය. එහිදී රාමනායක මහතා අදාල ලියවිලිද ඉදිරිපත් කරමින් එම පස් කැපීම පිළිබඳ ප්‍රමිතීන් ගැන පොලීසිය දැනුවත් දැයි පොලිස් නිළධාරීන් ගෙන් විමසන විට රාමනායක මහතාගේ එම ප්‍රශ්න කිරීමට බාධා කරමින් ඉන්දික අනුරුද්ධ මහතා කීයේ තමන්ට ද මේ සම්බන්ධව අදහස් දැක්වීමට අවශය බවය.

එහිදී ඔහු කීයේ සිටියේ එසේ කපා ගන්නා ලද පස් ප්‍රමාණය පිළිබඳ කියුබ් 50000 ක් ආදි වශයෙන් විවිධ අදහස් පළ වුවද ඒවායේ සත්‍යතාවක් නොමැති බවය. එවිට එම කැපූ පස් ප්‍රමාණය පිළිබඳ වාර්තා සත්‍ය බවත් එය ජනධිපති තුමා විසින් ද ප්‍රකාශ කර ඇති බවත් එහි ප්‍රමාණය කියුබ් 61000ක් බවත් එය පවසත්ම අසුනෙන් නැඟී සිටි ඉන්දික අනුරද්ධ මහතා රංජන් රාමනායක මහතා පෞද්ගලික දෝෂදර්ශනයට ලක් කරමින් බැන වැදීමට පටන් ගත්තේය.

එමෙන්ම දිවුලපිටියේ ඉපදුන තමන් දිවුලපිටියේම මිය යන බවත් රන්ජන් රාමනායක මහතාට තර්ජනාත්මකව කී ඉන්දික අනුරුද්ධ මහතා තම පවුලේ අයට බලපෑම් කළහොත් යැයි පවසමින් මරණ තර්ජනයක් එල්ල කරනු දක්නට ලැබුණි.

මෙම තර්ජන හමුවේ පොලීසිය හා පෞද්ගලික ආරක්ෂකයන් එක්ව රාමනායක මහතා සභාවෙන් ඉවත් කර ගැනීමත් සමඟම මෙම කමිටු රැස්වීමේ කටයුතු අතර මඟ නතර කර දැමීමට සිදු විය.

මෙම මරණ තර්ජනය සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා මිරිහාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles