වැලිකඩ ඝාතකයන් සැඟවීමේ උත්සාහක්!

0
406
hands of a prisoner on prison bars

රාජපක්ෂ පාලන සමයේ සිදු කළ කුප්‍රකට වැලිකඩ බන්ධනාගාර රැඳවියන් ඝාතනය කිරීමේ සිද්ධිය වින්දිතයන්ට වන්දි ලබා දී සැඟවීමේ උත්සාහක් පවතින බව වාර්තා වේ.

අද (01) පෙරවරුවේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකදී සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ප්‍රකාශ කර සිටියේ මෙම සිදුවීමෙන් ඝාතනයට ලක්වූ රැඳවියන් 16 දෙනෙකුට හා තුවාල ලැබූ රැඳවියන් 21 දෙනෙකු වෙනුවෙන් ආණ්ඩුව වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි. ඒ අනුව මිය ගිය එක් රැඳවියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක වන්දි මුදලක්ද තුවාල ලැබූවන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 5ක් මුදලක්ද ලබා දීමට ආණ්ඩුව සූදානම් වේ.

රාජපක්ෂ පාලන සමයේ සිදු කළ මෙම අමානුෂික ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේද දැඩි කතා බහක් ඇති වූ අතර ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති මානව හිමිකම් චෝදනාවන් ඇතුළට මෙම ප්‍රහාරයත් ඇතුළත්ව තිබේ. එසේ තිබියදී වත්මන් යහපාලන ආණ්ඩුව යටතේ එම ප්‍රහාරය සම්බන්ධයෙන් කොමිසමක් පත් කර විමර්ශන සිදු කරනු ලැබූවත් එම විමර්ශන වාර්තා ආණ්ඩුව ප්‍රසිද්ධියට පත් නොකිරීම බරපතළ ගැටලුවක්ව තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී වැලිකඩ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන වාර්තාව පිළිබඳව ප්‍රශ්න කරනු ලැබුවත්මේ ආණ්ඩුව එය මඟ හරිමින් සිටීම තුළ ප්‍රහාරයේ ඝාතකයින් සැඟවීමේ උත්සාහක් පවතින්නේදැයි සැක මතුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here