ශිෂ්‍ය භට කඳවුරේ දී සිසුන් නිරුවත් කර රූගත කරලා

0
372

රන්ටැඹේ ශිෂ්‍ය භට පුහුණු කඳවුරට සහභාගී වූ වත්තේගම පොලිස් බල ප්‍රදේශයේ පිලවල ප්‍රදේශයේ පාසැලක සිසුන් හයදෙනකු කඳවුර තුළදී නිරුවත් කර දෑත් බැඳ ජංගම දුරකතන මගින් වීඩියෝ ගතකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම විදුහලේ ශීෂ්‍ය භට කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සිසුන් තිදෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ශිෂ්‍යය භට පුහුණු කඳවුරට සහභාගී වීම සඳහා ගිය අවස්ථාවේ තමන් මෙම අත් දැකීමට මුහුණ දුන් බව සිසුන් හය දෙනා විදුහල්පතිනියට පැවසීමෙන් පසු ඇය ඊට ආදළ දර්ශන නරඹා ඒ බව පොලිස් හදිසි ඇමැතුම් ඒකකයට දැනුම් දී ඇත.

පසුව වත්තේගම පොලීසිය ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වා සැකකාර සිසුන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

රන්ටැඹේ පුහුණු කඳවුරේදී මෙම සිදුවීම සිදුව තිබෙන බැවින් එම ප්‍රදේශයට අයත් හසලක පොලීසියට සැකකාර සිසුන් බාරදී තිබෙන අතර ඔවුන් මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප මත ඔවුන් මුදාහැර ඇත.

මෙම සිසුන්ට යළි ජූලී මස 03 දින අධිකරණයේ පෙනීසිටින ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here