මින්නේරිය වන උයනේ වන අලින්ගේ රූ සොබා

0
485

පසුගිය සති අන්තයේ මින්නේරිය වන උද්‍යානය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් මින්නේරිය වන ජීවී කාර්යාලය අසලට පැමිණ සිටියහ. නියං සමය නිමාවී වැසි වැටීමත් සමඟම මින්නේරිය වැව පිරී තිබුණි. සැඳෑ සමයේ අසිරිය විඳින්නට මින්නේරිය වැව සමීපයට පැමිණ සිටි දෙස් විදෙස් සංචාරකයන්ට වැව අසලට ළඟ‍ා වී තණ කොළ බුදින්නටත් ජල ක්‍රීඩා කරන්නටත් පැමිණ සිටි වන අලින්ගේත් සංචාරක පක්ෂීන‍්ගේත් රූ සොබා රිසි සේ දැක ගන්නට හැකිවිය.

සෆාරි ජීප් රථවල නැඟී ගත් විදෙස් සංචාරකයෝ විශාල පිරිසක් සහ දේශීය සංචාරකයෝද මින්නේරිය වන‍ය තුළට පිවිස වන සතුන්ගේ අසිරිය ඉතා ඉවසීමෙන් යුතුව විඳ ගන්න‍ා අයුරු දිස්විය. මින්නේරිය වැව සොයා යන පාර ඉතා අවදානම් සහගත වුවද එහි කිසිදු අවදානමක් නොදැනේ. සෆාරි රියේ ගැස්සී ගැස්සී ගහ කොළවල හැපී හැපී වන සතෙක් දකින්නට කැලේට එබීගෙන යන ගමන ඉතා සුන්දරය. කැලේ අැතුළතින් ඇහෙන සර සර හඩත් සමඟම තණ බුදින මුව පොව්වෙක් හෝ දිවියෙක් දැක ගන්නට හැකිය. එමෙන්ම පිල් විහිදා සිටින මොනරුන් සහ ඒඅසල සිටින සෙබඩුන්ද මහ වනයේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here