අනුර සේනානායකට අදත් ඇප නෑ- මාර්තු 16 දක්වා යළි රිමාන්ඩ්

0
376

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මාර්තු මස 16 වනදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජයරාම් චොක්සි මහතා නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

එම ඝාතන නඩුවේ පළවන සැකකරු වන නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා මහතාට ලබන අප්‍රේල් මස 27 වනදා නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ වසීම් තාජුදීන් නමින් නිකුත් කර තිබූ කෙඩිට් කාඩ් පත් ඔස්සේ සිද්ධිය පිළිබඳ දීර්ඝ ලෙස පරීක්ෂණ පවත්වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here