Friday, September 20, 2024

ඇමති අමරවීරගේ ධීවර අධ්‍යක්ෂක -මසුන් මරලා

ශ්‍රී ලංකාවේ මසුන් ඇල්ලීම තහනම් කර තිබෙන ප්‍රධානතම ස්ථානයක් වන කල්පිටිය වැලිපර කොරල් අභය භුමියේ මසුන් මැරූ ඉහල පෙලේ රාජ්‍ය නිලධාරියෙකු පිලිබදව වාර්තාවේ.

මෙලෙස මසුන් මැරීමේ නිරතව ඇත්තේ ධිවර දෙපාර්තුමේන්තුවේ අධක්ෂක ජනරාල් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දුය.

අනවසර පන්න ක්‍රම භාවතා කරමින් කොරල් පරයේ මසුන් ඇල්ලීම නිසා මේ වන විට කොරල් පරය මුළුමනින්ම විනාශ වී ඇත.

මන්ත්‍රීවරුන් හා නිලධාරීන් පැමිණියේ මේ පිලිබදව සොයා බලා වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබා දීම සදහායි ධිවර අංශික කාරක සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් තෙදෙනෙකු හා රාජ්‍ය නිලධාරීන් රැසක් මේ සංචාරයට එක විණි.

මෙහිදී ධිවර දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් රැගත් ධිවර යාත්‍රාව වැලි පර කොරල් පරයට පැමිණි වහාම තන්ගුසක් හා ඇමක් රැගත් ධිවර දෙපාර්තුමේන්තුවේ අධක්ෂක ජනරාල් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු මාළු බෑමේ උත්සාහයක නිරත නිරත විණි .

මේ සදහා ධිවර දෙපාර්තුමේන්තුවෙන් පැමිණි අනෙක් උසස් නිලධාරීන්ගේද සහය ලැබීම ද විශේෂත්වයක්.

මේ සදහා වනජීවී නිලධාරීන්ගේ හා අනෙක් සියලු නිලධාරීන්ගේ ද විරෝධයද පළවිනි.

මෙයට පෙර අවස්තාවකද මේ නිලධාරියා මේ ස්ථානයේ මසුන් මෑරූ බව ධීවරයන් පැවසිය.

අනවසර පන්න ක්‍රම භාවතා කරමින් කොරල් පරයේ මසුන් ඇල්ලීම නිසා මේ වන විට කොරල් පරය මුළුමනින්ම විනාශ වී ඇත.

(ප්‍රසාද් පුර්ණමල්)

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles