Friday, September 20, 2024

ජනපති අද ඉන්දුනීසියාවට

ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (06 දා) ඉන්දුනීසියාවේ ජකර්තා නුවරට පැමිණීමට නියමිතය.

ඉන්දියානු සාගර කලාපයේ පිහිටි රාජ්‍යයන්ගේ තිරසර හා සමබර සංවර්ධනය අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන ඉන්දියානු සාගර කලාපීය රටවල සංවිධානයේ 20 වැනි සංවත්සරය සැමරීමට සමගාමීව මෙවර රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙයි.

රාජ්‍ය නායක සමුළුව පැවැත්වීම සඳහා ඉන්දුනීසියාවේ ජකර්තා නුවර මනා ලෙස සූදානමකින් පසුවන අතර අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සම්ප්‍රාප්තිය ද එහිදී උණුසුම් ලෙස පිළිගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත.

“ඉන්දියානු සාගරය සාමකාමී, ස්‌ථාවර හා සෞභාග්‍යවත් කලාපයක්‌ බවට පත්කිරීම සඳහා සමුද්‍රීය සහයෝගිතාව ශක්‌තිමත් කිරීම” යන තේමාව යටතේ එම රාජ්‍ය නායක සමුළුව හෙට (07 වැනිදා) ජකර්තා නුවරදී ආරම්භ කෙරේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර, රාජ්‍ය ඇමැතිවරුන් වන සුජීව සේනසිංහ, රාධා ක්‍රිෂ්ණන්, දිලිප් වෙදආරච්චි, මධ්‍යම පළාත් ඇමැති තිළිණ බණ්‌ඩාර තෙන්නකෝන් යන මහත්වරුන් සමුළුවට සහභාගිවීමට නියමිතය.

ඉන්දියාව, ඔස්‌ටේ්‍රලියාව, ජපානය, ඉරානය, සිංගප්පූරුව, තායිලන්තය, ඕමානය, මැඩගස්‌කරය ආදී රටවල් 21 කින් රාජ්‍ය නායකයන් සමුළුවට සහභාගි වීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ධීවර, කුඩා සහ මධ්‍යම ව්‍යවසායක ක්‍ෂේත්‍රයේ ගිවිසුම් දෙකකට ද ජනාධිපතිවරයාගේ මෙම සංචාරය

අතරතුර අත්සන් තැබීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ඉන්දුනීසියා ජනාධිපති ජොකො විඩොඩෝ මහතා අතර නිල හමුව අනිද්දා (08 දා) පෙරවරුවේ මර්ඩෙකො පැලස්‌හිදී පැවැත්වේ.

ඉන්දුනීසියාවට පැමිණෙන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද ඉන්දුනීසියා තානාපති කාර්යාලයේදී ඉන්දුනීසියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට ද සමුළුවට සහභාගි වන රාජ්‍ය නායකයන් සමඟ රාත්‍රි භෝජන සංග්‍රහයකට සහභාගි වීමට ද නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles