Friday, September 20, 2024

කාන්තාවන්ට බලෙන් උපත් පාලනය කරන දඹුල්ල- රජයේ රෝහළ

දින කීපයක සිට දඹුල්ල මුලික රෝහලේ ගැබිණි වාට්ටුවේ දරු ප්‍රසුතියෙන් පසු රෝහලෙන් පිටව යන මව් වරුන්ට බලහත්කාරයෙන් දරු උපත් පාලනය කරන උපකරණයක් ශරීරයට සවි කරන බවත් උපකරණය සවි කිරීමට අකමැති මව් වරුන්ට නිවෙස් වලට යාමට නොදී දින ගණන් රෝහලේ වාට්ටු තුළ අලුත උපන් දරුවාද සමඟ බලහත්කාරයෙන් රදවා ගන්නා බව ද වාර්තාවෙයි .

එමෙන්ම ඇතැම් මව්වරුන්ට මෙම උපත් පාලන උපකරණය සවි නොකරීම නිසා දරුවාගේ උප්පැන්න සහතික ලියන පෝරමය පවා නොදෙන බව මව්වරු පවසයි.උපකරණය පැළදීමට අකමැතිව විරෝධය පළ කළ පියවරුන්න බලෙන් ටිකට් කපාගත් තම දරුවා හා බිරිද වාට්ටුවෙන් එළියට රැගෙන ඒමට හා  නැවත රෝහලට තුළට ගමන් කිරීමට පවා නොදී ආරක්ෂක අංශය යොදා බාධා කරන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

දඹුල්ල රෝහලේ මෙලෙස බලහත්කාරයෙන් සිදු කරගෙන යන උපත් පාලන ක්‍රමය පිළබදව පියවරුන් 05 දින  ලිඛිතව රෝහල් බලධාරීන් දැනුවත් කර ඇති බවද වාර්තාවේ .මේ පිළිබධව දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි චාල්ස් නුගවෙල මහතා කියා සිටියේ පැමිණිල්ලක් ලැබී ඇති බවත් වහාම ඒ ගැන පරීක්ෂණයක් සිදු කරන බවය. ,එමෙන්ම රෝගීන්ගේ අකමැත්තෙන් එවැනි ප්‍රතිකාර කිරීමට නොහැකි ද ඔහු පවසා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles