බුද්ධි මෙහෙයුම් කළේ ගෝඨාභය

0
477

හමුදා සාමාජිකයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් පමණින් හමුදාව හෝ හමුදාවේ බුද්ධි අංශ කඩා නොවැටෙන බව හිටපු හමුදාපති, අමාත්‍ය සරත් ෆොන්සේකා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින්.

හමුදාවේ බුද්ධි අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම විවේචනය කරමින් ඒකාබද්ධ විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ ඇතැම් කණ්ඩායම් කළ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් ඔහු ඒ පිළිබදව සදහන් කලේය .

ජනාධිපතිවරයා මෙන්ම හමුදාවේ සියළු සාමාජිකයන්ද රටේ නීතියට යටත් බව පැවසූ අමාත්‍ය සරත් ෆොන්සේකා, එයට පිටුපෑමට කිසිවෙකුටත් නොහැකි බව ද ඔහු එහි දී පෙන්වා දුන්නේය.

තමා හමුදාපති ධුරය දැරූ අවස්ථාවේ කොළඹ බුද්ධි මෙහෙයුම් සිදු කළේ ගෝඨාභය රාජපක්ෂ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here