පාලිත හිමියන්ගේ පෙත්සම සලකා බැලීම මැයි 18 දා

0
320

මහ බැංකු බැඳුම්කර සිද්ධිය ගැන නිකුත් කරන ලද කෝප්  වාර්තාව අභියෝගයට ලක්කරමින් නුගේගොඩ නාලන්දාරාමාධිපති පූජ්‍ය තීනියාව පාලිත හිමියන්  ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන මැයි 18 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) තීන්දු කළේය.

නීතිපති සහ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් පෙත්සම අධ්‍යයනය කිරීමට වැඩිදුරටත් කල් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණ මෙම තීන්දුව දුන්නේය.

බැඳුම්කර වංචාව පිළිබඳ කොප් වාර්තාවේ යම් යම් සොයා ගැනීම් හා අවසන් නිර්දේශයන්  නොගැලපීම්, පරස්පරවිරෝධී හා පක්ෂග‍්‍රාහී ඒවා බවත් ඉන් තමන්ගේත් ,මහජනතාවගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ප‍්‍රකාශ කරන්නැයිද ඒ හිමියන් මෙම පෙත්සමින් ඉල්ලා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here