Saturday, September 21, 2024

බැඳුම්කරයෙන් සෘජු අලාභයක්වී නම් අයකර ගත හැකියි- නීතිපති දන්වයි

න්දෝලනයට තුඩු දුන් බැඳුම්කර ගනුදෙනුවලට සම්බන්ධ පාර්ශවයක් රජයට සෘජු අලාභයක් සිදුකර ඇත්නම් රජයට එය අයකර ගත හැකි බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා පවසයි.

නීතිපතිවරයාගේ අත්සනින් යුතුව කථානායකවරයාට යොමු කොට අද (07) පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද ලිපිය මගින් හෙතෙම මේ බව සඳහන් කර තිබේ.

මෙම සිද්ධියට අදාළව කෝප් කමිටුව විසින් තමා වෙත යොමුකරන ලද වාර්තාවේ මුදල් අවභාවිතයක් හෝ ගනුදෙනු සිදුකිරීමේදී නීතියට පටහැණිව එය සිදුවිය හැකි බව දක්වා ඇති බවත්, 1937 ලියාපදිංචි කොටස් හා සුරැකුම්පත් ආඥා පනත යටතේ කිසියම් පුද්ගලයෙකු අදාළ රෙගුලාසි, විධිවිධාන හා මගපෙන්වීම් අනුව කටයුතු කිරීමට අසමත් වන්නේනම් දඬුවම් ලැබිය හැකි වරදක් බවද නීතිපතිවරයා එම ලිපියෙන් පෙන්වාදී තිබේ.

දැනට මේ සිදුවීම සම්බන්ධයෙන් වත්මන් මහබැංකු අධිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ කඩිනම් කරන ලෙස තමන් උපදෙස් ලබාදී ඇති බවත්, සිදුකෙරෙන පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන  වාර්තාවක් තමන් වෙත යොමුකරන ලෙස දන්වා ඇති බවත් නීතිපතිවරයාගේ ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles