Saturday, September 21, 2024

රජය පිළිබදව ගෙනියන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්න

විරුද්ධ දේශපාලන මතධාරින් අන්තර්ජාලය ඔස්සේ රජය පිළිබදව ගෙනියන අසත්‍ය ප්‍රචාරවලට නො ‍රැවටෙන ලෙස තමන් විදෙස් ගත ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය .

ඒ මහතා මේ බව පැවසුවේ ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී එරට සිටින ශ්‍රී ලාංකිකයන් අමතමිණි. ඉන්දුනීසියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අමතමිණි.ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායකයන්ගේ සමුළුවට හා ඉන්දුනීසියාවේ රාජ්ය නිළ සංචාරයකට  සහභාගිවීම සදහා ජනපතිවරයා එරටට ගොස් සිටි.එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා මෙසේ ද පැවසීය.
වසර හතළිහකට පසු ඉන්දුනීසියාවේ රාජ්‍ය නිළ සංචාරයක් සදහා ශ්‍රීලාංක්කීය රාජ්‍ය නායකයෙකුට නිල  ඇරයුමක් ලැබුණේ මෙවරයි.ඒ පිළිබදව මා ඉන්දුනීසියානු ජනපතිවරයා ඇතුළු ඉන්දුනීසියානු රජයට ස්තුතිය පුද කරනවා.අන්තර් ජාතික වශයෙන් පසුගිය දෙවසර තුළ ශ්‍රී ලංකාව ට ජාත්‍යන්තර වශයෙන් විශාල පිළිගැනීමක් හා ගෞරවයක් ලැබී තිබෙනවා.මා ජනපති වූ මුල් අවුරුද්ද තුළ මෙතෙක් කිසිදු නායකයෙකුට නොලැබුණු තරම් නිල සංචාර සදහා මට ඇරයුම් ලැබුණා.එයින් පෙනෙන්නේ ශ්‍රී ලංකාවට ලෝක ප්‍රජාව දක්වන සැලකිල්ලයි.ප්‍රජාතන්ත්‍රවාදය අතින් අප ඉහල ස්ථාවරත්වයක් ගොඩනගාගෙන තිබෙනවා.රටේ නිදහස ස්ථාපිත කර තිබෙනවා.
නමුත් අන්තර්ජාලය ඔස්සේ ශ්‍රී ලංකාව පිළිබදව පළවන්නේ වැරදි ප්‍රචාරයි.ඒ පසුපස ඉන්නේ දේශපාලන ප්‍රතිවාදීන්.ඔවුන්ගේ අරමුණ වන්නේ  රජය අප්‍රසාදයට පත් කිරීමයි. ෆේස් බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ තමයි මේ ප්‍රචාර ක්‍රියාත්මක වන්නේ.නමුත් මා දැඩිව ප්‍රකාශ කර සිටිනවා රජය ස්ථාවරයි.මේ ප්‍රචාරවලට ‍රැවටෙන්න එපා.ලෝකයේ සියලුම මිත්‍රශීලී රටවල් අපට උපකාර කරනවා.ජාත්‍යන්තරයේ මූල්‍ය සංවිධානත් ආධාර උපකාර කරනවා.
ඔබ දන්නවා ලංකාවේ පසුගිය මාසවල නියගයක් ඇති වුණා.ආහාර නිෂ්පාදනය සියයට හතළිහකින් අඩු වුණා.ඒ අවස්ථාවේ දී මා මිතුරු රටවල්වලින් ඉල්ලීමක් කළා සල්ලිවලට සහල් එවන්න කියලා.නමුත් ඒ වෙලාවේ ඉන්දුනීසිආනු ජනපතිවරයා පරිත්‍යාගයක් වශයෙන් සහල් මෙට්‍රික් ටොන් පන්දාහක් නොමිලේ දුන්නා.ඉන්දියාව පකිස්තානය ඇතුළු සියලු රටවලුත් උපකාර කරනවා.අවශාන වශයෙන් මා කියන්න කැමතියි ඔබ විදේශයක සිට වෘත්තියක් කළත් ව්‍යාපාරික කටයුතු ඇතුළු කුමන දේ කළත් මවුබිම වෙනුවෙන් සේවය කරන්න කියලා.”අමාත්‍යවරුන් වන වී.රාධාක්‍රිෂ්ණන්,දිලිප් වෙද ආරච්චි ,සුජීව සේනසිංහ,මධ්‍යම පළාත් සභා මන්ත්‍රී තිළිණ බණ්ඩාර තෙන්නකෝන් ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති දර්ශන පෙරේර යන මහත්වරු ඇතුළු ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles