Sunday, September 22, 2024

මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට මූල්‍ය අරමුදලෙන් අනුබල

උද්ධමනය හෝ ණය වර්ධනය පහළ යෑමක් සිදු නොවන්නේ නම් මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කිරීම කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස දිරිමත් කිරීමට පියවර ගන්නා බව කියා සිටී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවුරුදු තුනක කාල පරාසයක් පුරා දිවෙන විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකා බලධාරීන් විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ආර්ථික වැඩසටහනෙහි දෙවන සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා 2017 පෙබරවාරි 21 සිට මාර්තු 07 වැනි දින දක්වා කාලය තුළ, ජේවූ ලී මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායමක් මෙරට සංචාරය කරන ලදී.

මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ රාජ්‍ය මූල්‍ය තිරසාර මට්ටමක පවත්වාගෙන යෑම සඳහා සහ සමාජීය හා සංවර්ධන වැඩසටහනට සඳහා අවකාශය නිර්මාණය කිරීම වෙනුවෙන් වූ බලධාරීන් ගේ සුබවාදී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට සහාය දැක්වීමයි. මෙම සංචාරය අවසානයේ දී ලී මහතා විසින් පහත සඳහන් ප්‍රකාශය නිකුත් කරන ලදී.

“දූත මණ්ඩලය දෙවන ආර්ථික කාර්යසාධන සමාලෝචනය සම්පූර්ණ කිරීම පිළිබඳව රජය සමඟ නිලධාරී මට්ටමේ එකගතාවක් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කළේය. අප්‍රේල් මාසයේ දී වොෂින්ටනු නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත සෘතුවේ රැස්වීම්වලට සමගාමීව මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කෙරෙනු ඇත.“

“සමස්තයක් ලෙස, 2016 වසරේ දෙවන භාගයේ දී සාර්ව ආර්ථික ක්‍රියාකාරීත්වය, ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වන ආර්තික වර්ධනය හා නියඟයේ බලපෑම සහ එකතු කළ අගය මත බදු වැඩි කිරීම හේතුවෙන් ඉහළ නැගුණු උද්ධමනය සමග මිශ්‍රව පැවතුණි. ජංගම ගිණුම ස්ථාවරව පැවතිය ද, ප්‍රාග්ධන ගලායාම් යළි ආරම්භ වීම හේතුවෙන් මූල්‍ය ගිනුම දුරුවල විය. නියං තත්ත්වය දීර්ඝකාලීනව පැවතියහොත් ආහාර හා බොරතෙල් ආනයන ඉහළ යාමට හැකි අතර එය ආර්ථික වර්ධනය, උද්ධමනය සහ ගෙවුම් තුලනය කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කළ හැකිය.“

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරගෙන යනු ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ක්‍රියාවට නංවා, දෙසැම්බර් මාසය අවසන් වන විට සැපරිය යුතු සියලු රාජ්‍ය මූල්‍ය කාර්ය සාධන ඉලක්ක සපුරාලීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් දැරූ ඉහළ දායකත්වය දූත මණ්ඩලයේ පැසසුමට ලක්වේ. ආදායම් එකතු කිරීම ඉහළ නැංවීමට සහ ආදායම් පරිපාලනය ස්වයංක්‍රීයව මෙහෙයවීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවල ඉහළ ප්‍රගතියක් අත් කරගෙන ඇත. එනමුත්, ශුද්ධ විදේශීය සංචිත මට්ටම විස්තීර්ණ ණය පහසුකම යටතේ වූ ඉලක්කයට වඩා අඩු මට්ටමක පැවති අතාර සමහර ප්‍රතිසංස්කරණ අපේක්ෂිත කාලවකවානුවල දී සිදු නොවීම හේතුවෙන් ව්‍යූහාත්මක කඩඉම් ක්‍රියාත්මක කිරීමේ දී යම් පසුබෑමක් පවතියි. ඒ අනුව විදේශීය අංශයේ අවිනිශ්චිතතා හමුවේ ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා තීරණාත්මක ක්‍රියාමාර්ග පිළිබඳ දූත මණ්ඩලය හා බලධාරීන් සාකච්ඡා පවත්වන ලදී.“

“රජය විසින්, ආදායම මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය අඛණ්ඩව පවත්වා ගැනීම තුළින් සමාජයීය හා සංවර්ධන අරමුණු අත්කර ගැනීම සඳහා දායක විය හැකි වන පරිදි සම්පත් සපයා ගැනීම සහ රජ්‍ය ණව තිරසාර මට්ටමක පවත්වා ගැනීම වැදගත් වේ. විශේෂයෙන්ම නව දේශීය ආදායම් පනත සඳහා වන නීති සම්පාදන ක්‍රියාමාර්ග ඵලදායී මහජන මත විමසුමක් සමඟ සිදුකිරීම, පවත්නා බදු ක්‍රමය වඩාත් නිවැරදි ලෙස පුරෝකථනය කළ හැකි, කාර්යක්ෂම හා සාධාරණ ව්‍යූහයක් බවට පත් කිරීම සඳහා ඉතා වැදගත් පියවරක් වේ.“

“උද්ධමන පීඩන පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව සුපරීක්ෂාකාරීව අධීක්ෂණය කර, උද්ධමනය හෝ ණය වර්ධනය පහළ යෑමක් සිදු නොවන්නේ නම් මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කිරීම කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස දිරිමත් කරයි. විදේශීය අංශය වෙත පීඩනය ඉහළ යාමත් සමඟ විදේශීය සංචිත යළි වර්ධනය කිරීම සඳහා සහ විදේශ විනිමය අනුපාතිකයෙහි නම්‍යශීලිත්වය පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව වඩා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට දිරිමත් කෙරේ. එහිදී නම්‍යශීලී උද්ධමන ඉලක්කරණ රාමුවක් ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලසීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාක්ෂණික සහාය ලබා ගැනීම පිළිබඳව දූත පිරිස සහ බලධාරීන් සාකච්ඡා පවත්වන ලදී.“

“පසුගිය කාලය තුළ ලද තාක්ෂණික සහාය ද පදනම් කර ගනිමින් රජය විසින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණයෙහි සහ රජය සතු වාණිජ ව්‍යවසායන්හි ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයන් සිදු කිරීම වඩාත් කඩිනම් කිරීමට දූත මණ්ඩලය විසින් දිරිමත් කෙරෙයි. තවද රජය සතු විශාල වාණිං ව්‍යවසායන්හි, සංස්ථාපිත අභිප්‍රායන් පිළිබඳ ප්‍රකාශන අවසන් කොට ප්‍රකාශයට පත් කිරීම මෙම ආයතනයන් විනිවිදභාවය සහ වගකීම් ඉහළ නැංවීමට අවශ්‍ය පළමු පියවර වනු ඇත. ඊට අමතරව ව්‍යාපාරික වාතාවරණය සහ තරඟකාරීත්වය ඉහළ නැංවීමට, සංවර්ධන හවුල්කරුවන්ගේ ආධාර සමඟ දැනට සිදුකරනු ලබන ප්‍රතිසංස්කරණයන් සඳහා දූත මණ්ඩලය අනුබල දක්වයි.“

දූත පිරිස මෙම සංචාරයේ දී අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය කරුණානායක, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති කුමාරස්වාමි යන මහත්වරුන් ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, වෙනත් රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරික ප්‍රජාවේ, සිවිල් සමාජයේ සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ නියෝජිතයන්ද හමුවිය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles