විශ්වාසභංග මෙහෙයුම්කරුගේ පුටුව කඩාගෙන වැටෙයි

0
330

වයඹ ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මියට එරෙහිව වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ පසුගිය 07 වැනිදා, ආණ්ඩු පක්ෂ මන්ත්‍රි සුමිත් රාජපක්ෂ වාඩි වී සිටි පුටුව කැඩී මන්ත්‍රීවරයා බිම ඇදගෙන වැටීම එදින කාගෙත් අවධානයට යොමු වූ සුවිශේෂි සිදුවීමක් විය.

බිම ඇදගෙන වැටුණු මන්ත්‍රිවරයාට අත දී නැගිට්ටුවීමට ආණ්ඩු පක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන් වහා කටයුතු කළ අතර අනතුරින් මන්ත්‍රිවරයාට තුවාල සිදුවී නොතිබිණි.

සුවිශේෂි සිදුවීම වන්නේ ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මියට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට දැඩි පරිශ්‍රමයකින් කටයුතු කළ මන්ත්‍රීවරයා මෙන්ම එම යෝජනාව එදින සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේද සුමිත් රාජපක්ෂ වීමය.

සුමිත් රාජපක්ෂ බිම ඇදගෙන වැටුණු අවස්ථාව දිනමිණ කැමරාවට මෙලෙස හසුවිය.උපුටා ගැනීම දිනමිණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here