Monday, September 23, 2024

මෙක්සිකෝවේ සිට ඇමරිකාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ අඩුවක්

මෙක්සිකෝවේ සිට ඇමරිකාවට පැමිණෙන නීතිවිරෝධී සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව පසුගිය මාසයේ සියයට 40 කින් පමණ අඩුවී ඇති බව වාර්ත වේ.

එරට අභ්‍යන්තර ආරක්ෂක කටයුතු භාර ලේකම් ජෝන් කෙලී පවසන්නේ වත්මන් ඇමරිකානු රාජ්‍ය ප්‍රතිපත්තිය හේතුවෙන් මෙම අඩුවීම සිදුවී ඇති බවයි.

ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තරඟ කළ අවදියේ සිටම ඇමරිකාවේ සිටින නීතිවිරෝධී සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කරන බව ප්‍රකාශයට පත් කළේය.

පසුගිය ජනවාරි 20 වනදා ධුරයේ දිවුරුම් දීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ ඇමරිකාව තුළ රැඳී සිටින නීතිවිරෝධී සංක්‍රමණිකයන් මිලියන 11 ක් යළි පිටුවහල් කරන බවයි.

මෙම ප්‍රතිපත්තිය හේතුවෙන් මෙලෙස ඇමරිකාවට පැමිණෙන නීතිවිරෝධී සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව අවම වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles