සයිටම් වෛද්‍ය විදුහල ගැන ජනපති සමග විශේෂ සාකච්ඡාවක් අද

0
336

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පැන නැගී තිබෙන ගැටලු සාකච්ඡා කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) පැවැත්වීමට නියමිතය.
කොළඹ ජනපති නිල නිවසේ දී අද පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර ඒ සඳහා සියලු වෛද්‍ය පීඨාධිපතිවරු, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයෝ, උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඇතුළු පිරිසක් සහභාගී වෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here