කොටස් තැරැව්කරුවන් තිදෙනෙකුගේ ගනුදෙනුවලට සීමා

0
477

කොළඹ කොටස් වෙළෙඳපොළ තැරැව්කාර සමාගම් කිහිපයකගේම කටයුතු සීමා කර ඇති බව වාර්තා වේ.

නියම කරන ලද ප්‍රාග්ධන ප්‍රමාණතා (Capital Adequacy) අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වූ තැරැව්කාර සමාගම් 3 කට කොටස් මිල දී ගැනීමේ පහසුකම් මෙහිදී අත්හිටුවා ඇති බව, අද දෙරණ කළ විමසීමක දී කොටස් වෙළෙපොළ ප්‍රකාශකයෙකු තහවුරු කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් ඔහු කියා සිටියේ, අදාළ අත්හිටුවීම ගනුදෙනු පද්ධතිය තුළින් ස්වයංක්‍රීයවම සිදුවන්නක් බවයි.

මේ තත්ත්වය මත යම් ගනුදෙනුකරුවකුට කොටස් මිල දී ගැනීමක් සිදුකිරීමට අවශ්‍ය වුවහොත්, ඒ වෙනුවෙන් ප්‍රමාණවත් මුදල් ඔහු සතුව තිබුණ ද පෙර කී කොටස් තැරැව්කාර සමාගම් හරහා එම මිල දී ගැනීම් සිදුකිරීමට අවස්ථාව නොලැබෙනු ඇත.

එහිදී ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ඇති කොටස් තැරැව්කරුවකුගේ සහාය පැතීමට ඔහුට සිදුවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here