නවාරා ගැන ලංකෙම් මෙසේ කියයි

0
350

කොටස් තැරැව්කාර සමාගමක් වන නවාරා සිකියුරිටීස් (පුද්) සමාගම අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් පළ වී තිබෙන මාධ්‍ය වාර්තා පදනම් විරහිත බව ලංකෙම් සිලෝන් පීඑල්සී කියා සිටී.

කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත මේ බව දැනුම් දෙමින් ලංකෙම් සිලෝන් පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ ඩී.එල්. විතාරණ විසින් වැඩිදුරටත් කියා සිටින්නේ ලංකෙම් සිලෝන් පීඑල්සී හෝ ඊට අනුබද්ධ සමාගමක් වන කළම්බු ‍ෆෝට් ලෑන්ඩ් ඇන්ඩ් බිල්ඩිංග් පීඑල්සී හට මේ සම්බන්ධයෙන් කිසිදු අභිප්‍රායක් හෝ සැලසුමක් නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් පසුගියදා අද දෙරණ කළ විමසීමක දී කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රකාශකයෙකු ද කියා සිටියේ එයාකාරයෙන් තැරැව්කාර සමාගමක් අත්පත් කර ගැනීමක් සම්බන්ධයෙන් කිසිවක් වාර්තා වී නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් ලංකෙම් සිලෝන් පීඑල්සී විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත යවන ලද ලිපිය පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here