Monday, November 18, 2024

ග්‍රාමිය පාලම් 4000 ක් කඩිනමින්

ශ්‍රි ලංකාවේ ඉතා දුෂ්කර ග්‍රාමිය ප්‍රෙද්ශ වල ජනකතාවගේ ගමන් පහසුව සදහා මංමාවත් එකට යා කෙරෙන පාලම් ද ඇතුළුව ගංගා ඇළදොළ හරහා කුඩා පාලම් 4000 ක් තැනිමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වේ. මේ සදහා ශ්‍රි ලංකා රජයේ අරමුදල් ද ඇතුලුව නෙදර්ලන්ත සහ මහ බ්‍රිතාන්‍යෙය් ණය ආධාර පැකේජ ලක් රජයට ප්‍රධානය කරනු ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත් විමෙන් මෙම පාලම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට හැකි වි තිබෙන අතර ඉදි කිරිමේ වගකීම පලාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයට භාර දි තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ ග්‍රාමිය පාලම් 4000 ක් ඉදි කොට දැනට ගමනාගමන පහසුකම් ඉතා අඩු මට්ටමක පැවතීම නිසා ඉමහත් දුෂ්කරතාවයනට සහ අපහසුතාවයනට මුහුණ පා සිටින ජනතාවට ඔවුන්ගේ ආර්ථික සංවර්ධනය ඇති කර ගනිමින් සුව සේවා සහ අධ්‍යාපනික කටයුතු පහසුවෙන් ඉටු කර ගැනිම පිණිස පිළිසරණක් වීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව රජය පෙන්වා දෙයි. මෙම ග්‍රාමිය පාලම් වැඩපිළිවෙල යටතේ උතුරුමැද පළාත තුල අබලන් වු ග්‍රාමිය මාර්ග පිළිසකර කිරිමේදි අඩුපාඩුවක්ව පැවත්නා ග්‍රාමිය පාලම් 400 ක් ඉදි කිරිමට නියමිතව ඇතැයි උතුරුමැද ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බංඩාර මහතා දිණමිනට පැවසීය. දැනමටත් මෙම ග්‍රාමිය පාලම් ඉදි කල යුතු පුදේශ සහ ස්ථාන පිළිබදව උතුරුමැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය හරහා අවශ්‍ය නිවැරදි තොරතුරු සපයා ගැනිම පිණිස පියවර ගෙන ඇතැයි ද ප්‍රධාන අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කලේය. එක් ග්‍රාමිය පාලමක් ඉදි කිරිම සදහා රුපියල් මිලියන 18 ක් පමණ වැය වෙතැයි මහා මාර්ග ඉංජිනේරුවරු පෙන්වා දෙති.
මෙම ග්‍රාමිය පාලම් ව්‍යාපෘතිය ඉතා කඩිනමින් ප්‍රමුඛත්ව පදනම මත ආරම්භ කිරිමට  අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයට උපදෙස් දී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles