රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති ඇතුළු තිදෙනාට එරෙහි නඩුව කල්යයි

0
706

පසුගිය ජනපතිවරණ සමයේ දී  රූපවාහීනි සංස්ථාවේ  සේවකයන් සිව් දෙනෙකුට බැන තර්ජනය කර පහර දුන්නැයි  රූපවාහීනි සංස්ථාවේ හිටපු  සභාපති  ආරියරත්න ඇතුගල , ඇතුළු තිදෙනකුට එරෙහි නඩු සමථ කිරීමට හැකිද යන්න කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (13) සලකා බැලීය.

ආරියරත්න ඇතුගල මහතාට අමතරව හිටපු අධ්‍යක්ෂ ජනරාල්  දේවප්‍රිය අබේසිංහ හා  ජි ඩී සුගතපාල යන අයට එරෙහිව නඩු 4ක් විභාග වන අතර විවෘත අධිකරණයේ දී සමාව අයැදීමට විත්තිකරුවන් සූදානම් නම් තමන් නඩුව සමථයකට පත් කිරීමට කැමති බව පැමිණිලි පාර්ශවය විසින් ප්‍රකාශ කළේය.

නමුත් විත්තිය ඊට අකමැති වීම හේතුවෙන් නඩු විභාගය මැයි 15 වැනි දාට කල් තැබිණි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවේ නඩුව කැඳවිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here