නිල මෙහෙවර අද 30 -ඇමති වජිරගේ මුලිකත්වයෙන් වව්නියාවේදී

0
326

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන නිල මෙහෙවර ජනතා සේවයේ වව්නියාව දිස්ත්‍රික්ක වැඩසටහන අද (29) ආරම්භ විය.

එය අද සහ හෙට (30) යන දෙදින තුළ පැවැත්වෙන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

ජ‍නාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදේශකත්වයෙන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ නිල මෙහෙවර ජනතා සේවය ක්‍රියාත්මක වෙනු ඇත.

ඒ අනුව අද දිනයේ වව්නියාව දකුණ ගාමිණි මහා විද්‍යාලයේදී සහ හෙට දිනයේ වව්නියාව දෙමළ මහා විද්‍යාලයේදී මෙම වැඩසටහන පැවැත්වෙන බව සඳහන් වෙයි.

නිල මෙහෙවර ජනතා සේවයේ පළමු හා දෙවන වැඩසටහන් පොලොන්නරුව සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කෙරිණි.

එහි මීළඟ වැඩසටහන් කුරුණෑගල, මන්නාරම, මුලතිව්, වව්නියාව සහ කිළිනොච්චි යන දිස්ත්‍රික්කවල පැවැත්විමට නියමිත බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here