ඉරාන පාර්ලිමේන්තුවට ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ 12ක්‌ මියයති

0
300

ඉරාන පාර්ලිමේන්තුවට සහ අයතුල්ලා කුමේනි සමාධිය වෙත ඊයේ (08 දා) එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් 12 දෙනකු මරුමුවට පත් වී 13 දෙනකු තුවාල ලබා ඇත. මෙම ප්‍රහාරය එල්ල කළ ත්‍රස්‌තවාදීන් තිදෙනා ආරක්‌ෂක හමුදාව විසින් මරා දමා තිබේ.

මෙම ප්‍රහාර එල්ල වන අවස්‌ථාවේ පාර්ලිමේන්තු සැසිවාරය පැවැති බව ඉරානය කියයි.එම ප්‍රහාරයෙන් මන්ත්‍රීවරුන්ට හානි සිදු වී නැති අතර, පාර්ලිමේන්තුවේ ආරක්‌ෂක භටයකු ත්‍රස්‌ත ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත.

මේ අතර, අයතුල්ලා කුමේනි සමාධිය පුපුරුවා හැරීමට උත්සාහ කළ ත්‍රස්‌තයා ළඟ තිබූ බෝම්බය පිපිරී මියගොස්‌ ඇතැයි වාර්තා වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here