Home පුවත් ජාතීවාදය පැතිරවු 14 දෙනෙක් අත්අඩංගුවට

ජාතීවාදය පැතිරවු 14 දෙනෙක් අත්අඩංගුවට

0
338
ජාතීන් හා ආගම් අතර විරසකය ඇති කරන සිද්ධීන් සම්බන්ධව මැයි මාසයේ සිට මේ දක්වා 14 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.භික්ෂූන් වහන්සේ නමක, පොලිස් නිලධාරියෙකු, මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකු සහ ද්‍රවිඩ ජාතිකයෙකු ද ඒ අතර සිටින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියයි.

අත්අඩංගුවට ගෙන සිටින භික්‍ෂූන් වහන්සේ ඇතුළු සිංහල ජාතිකයින් 11 දෙනාගෙන් වැඩිදෙනකු බොදුබල සේනා සංවිධානයට ඍජුවම සම්බන්ධ අය බව මේ වන විට තහවුරු වී ඇතැයි ද ජයකොඩි මහතා කියයි.

මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් තවත් භික්‍ෂූන් වහන්සේනමක් හා තවත් සිවිල් වැසියන් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්වන බව ද ඒ මහතා පවසයි.

ජාතීන් සහ ආගම් අතර විරසකය ඇතිවන ආකාරයේ ප‍්‍රකාශ නිකුත් කර ඇති දේශපාලනඥයින් කිහිපදෙනකු සම්බන්ධයෙන් ද පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවත් ඉදිරියේදී නීතිපති උපදෙස් අනුව ඔවුන් සම්බන්ධව පියවර ගැනීමට බලාපොරොත්තු වන බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියයි.

ඒ මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here