මිල්කෝ සමාගම විකිණිමේ උත්සහයක ?

0
347

කිරි සඳහා තිබු රුපියල් 225 ක බද්ද මේ වන විට රුපියල් 45 ක් දක්වා අඩු කර ඇති අතර බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී.රත්නායක මහතා පවසයි.

අද(18) පැවති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

මේ අතර බහු ජාතික සමාගම් 2ක් විසින් මෙරට කිරි නිෂ්පාදනය මිලට නොගෙන සිටින බවත් ඇති වෙන කිරි හිඟය හමුවේ පිටරටින් අඩුවට කිරි ගෙන්වා ඇති බව ද රත්නායක මහතා කියා සිටියේය.

මේ තුළින් දේශීය කිරි ගොවියා පහතට වැටී ඇති බවත් රටේ ආර්ථිකය ද විනාශයට පත් වෙන බව ද මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.

මෙවන් පසු බිමක් තුළ මිල්කෝ සමාගම විකිණිමේ අරමුණක් තියේද යන්න පිළිබඳව සැකයක් මතු වන බව ද මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here