ඩෙංගු මදුරු ඝනත්වය ඉහළට රෝගීන් 80,000ක්‌ මරණ 240ක්‌

0
664

යළිත් ඇදහැලෙන කඩින්කඩ වර්ෂාවත් සමඟ ඩෙංගු මදුරු ඝනත්වය තුන් ගුණයකින් ඉහළ යා හැකි බවත්, මේ හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

එසේ වුවහොත් මීටත් වඩා වැඩි ඩෙංගු වසංගත තත්ත්වයකට මුහුණදීමට ජනතාවට සිදුවන බව ද කියා සිටී. එම නිසා ඩෙංගු මර්දනය පෞද්ගලික වගකීමක්‌ ලෙස භාරගෙන ක්‍රියා කිරීම කාගේත් යුතුකමක්‌ බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ වන විටත් අංගොඩ උණ රෝහල, කොළඹ, කළුබෝවිල, මීගමුව, ජයවර්ධනපුර ඇතුළු රෝහල් ද ඩෙංගු රෝගීන්ගෙන් පිරීගොස්‌ තිබේ.

මේ වන විට දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 80,000 කට අධික සංඛ්‍යාවක්‌ වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සුසිලා සමරවීර මහත්මිය “දිවයින” ට ඊයේ (09 වැනිදා) පැවසුවාය.

එසේම මෙම වසරේ මේ දක්‌වා කාලය තුළ ඩෙංගු මරණ සංඛ්‍යාව 240 දක්‌වා ඉහළ නැග තිබේ.

කොළඹ, කළුතර, ගම්පහ, මාතර, මහනුවර, කෑගල්ල, පුත්තලම ආදී දිස්‌ත්‍රික්‌ක රැසක තවදුරටත් ඩෙංගු උණ තදින් පැතිර යමින් තිබෙන බව ද සෞඛ්‍ය අංශ කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here